ලක්දිව රන්දළු අන්දරය
ලංකාවේ පිහිටි කීර්තිමත් සමාගමක්වන 'එච්. ඩබ්ලිව්. කේව් සමාගමේ' සමාරම්භකයා වන හෙන්රි විලියම් කේව් ලංකාවේ තේ කර්මාන්තය හා පැරණි ලංකාවේ තොරතුරු හා ඡායාරූප ඇතුළත් මෙම වටිනා ග්රන්ථය රචනා කළේ 1900 දී ය. ඔහු මෙම 'Golden Tips' ග්රන්ථය රචනා කළේ ලංකාවේ සාර්ථක තේ වගාවට මුදල් ආයෝජනය කිරීම, තේ වගාව හැදෑරීමට තම තරුණ පුතුන් යොමු කිරීම හා ලංකාවේ සංචාරය කිරීමට ප්රියකරන ඉංග්රීසි ජාතිකයන් කේව්ට නිතර එවූ හසුන්පත්වලට තොරතුරු දැන්වීමක් ලෙසිනි.
මෙම 'ලක්දිව රන් දළු අන්දරය' කියවීමෙන් පසු ඔබේ සිතේ අදහස් දෙකක් හටගනු ඇත. එයින් එකක් වන්නේ තාක්ෂණික දියුණුවක් නැති වනාන්තරවලින් පිරුණු පැරණි ලංකාව බ්රිතාන්ය පාලනය යටතේ සංවර්ධනය කෙරුණේ කෙසේද හා එතැන් සිට අප දියුණු වී ඇත්තේ කෙතරම් අල්පයක්ද යන්න ය. අනෙක් අදහස වන්නේ මෙහි සඳහන් පැරණි ලංකාවේ තොරතුරු ඇතැතිව එම ස්ථාන නැවත ගවේශනය කිරීමේ උනන්දුවක් ඔබ තුළ හට ගැනීම ය. මන්ද ලංකාව පුරා ගමන් කරමින් කේව් මෙම ග්රන්ථයට විවිධ ස්ථාන පිළිබඳව ඔබ මෙතෙක් නොදත් කරුණු රැසක් එක්කර තිබීම ඔබේ කුතුහලය දනවන්නකි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.