ලක්දිව සාගර පත්ල
ලක්දිව සාගර පත්ල නමින් මෙසේ සිංහලට නැඟෙන The Reefs of Taprobane කෘතිය ආතර් සී. ක්ලාක් ගේ The Blue Planet Trilogy කථා පෙළේ දෙවැන්නයි. එහි පළමුවැන්න The Coast of Coral වන අතර, තෙවැන්න The Treasure of the Great Reef වෙයි. ආතර් සී. ක්ලාක්, රොඩ්නි ජොන්ක්ලාස් සහ මයික් විල්සන් සමඟ එකතුව ශ්‍රී ලංකාවේ මුහුද අවට කළ ගවේශණ පිළිබඳ සිත්ගන්නා සුලු තොරතුරු මෙහි ඇතුළත් වෙයි. ඔවුහු විනාශ වී දියේ ගිලුණු නෞකා ගණනාවක් හා පෘතුගීසීන් විසින් විනාශ කළ කුළුණු දහසකින් යුත් කෝවිලක නටබුන් ද සොයා ගනිති. දුර්ලභ මුහුදු ජීවීන් ද නිරීක්ෂණය කරති. ඊට අමතරව සීගිරි බළකොටුව හා දඹුලු විහාරය ගැන ලියැවුණු සටහනක් ද මෙහි ඇතුළත් වෙයි.
ආතර් සී. ක්ලාක් 2001 : A Space Odyssey සම්භාව්‍ය විද්‍යා ප්‍රබන්ධ රචනා කළ ලෝ පතළ විද්‍යා ප්‍රබන්ධකරු වෙයි. එම කෘතියේ පසු ප්‍රබන්ධ ලෙස පළ වූ 2010 : Odyssey Two 2061 : Odyssey Three, 3001 : Final Odyssey ආදිය ද මහත් පාඨක ප්‍රතිචාර දිනූ The Songs of Distant Earth, The Sentinel වැනි කෘතීන් සහ ප්‍රබන්ධ හා ප්‍රබන්ධ නොවන වෙනත් කෘති ගණනාවක් ද ඔහු අතින් ලියැවිණ. සම්මානිත පුරවැසියකු ලෙස ශ්‍රී ලංකාවේ ජීවත් වූ ආතර් ශ්‍රී ක්ලාක් අනූ විය පසු කොට තෙමසක් ඉක්ම යත් ම 2008 මාර්තු මස 19 වැනි දා අභාවයට පත් විය.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.