වනගත ලංකා
වනයට ආදරය කරන්නට පුතාට උගැන්නූ තාත්තාගේ නාමයට උපහාර කොට පිරිනමමින් ඒ පුතා WILD CEYLON යනුවෙන් ඉංග්‍රීසියෙන් ලියූ කෘතිය “වනගත ලංකා” යන නමින් අපි මෙසේ ඔබ අතට පත් කරමු. තාත්තාගෙන් ලද දැනුම ක්‍රියාවට නංවමින් වනයත් වැදි සනුහරයත් ගැන ආර්. එල්. ස්පිටල් නම් ලේඛක වෛද්‍යවරයා අතින් ලියැවුණු පළමුවැනි ග්‍රන්ථය මෙයයි. වැදි ජීවන රටාව වෙසෙසින් විවරණය කිරීම මේ කෘතිය සම්පාදනයේදී තමාගේ ප්‍රබල අභිලාෂය වූ බව ලේඛකයා ප්‍රකාශ කරයි.
එඩිතරම වැද්දකුට පමණක් කළ හැකි “බඹර කැපීම” මෙහි විස්තර කැරෙන්නේ ඒ කාර්යය පිළිබඳ ත්‍රාසය පාඨක සිත්හි ද ජනිත වන ආකාරයෙනි. බඹර කැපීම සඳහා අවශ්‍ය වැල් ඉණිමඟ හා අනෙක් උපකරණ සකසා ගැනෙන අන්දමත්, ගිරිකුළකින් පහළට එල්ලෙන වැල් ඉණි මඟෙහි පැද්දෙමින් බඹර කැපීමෙහි යෙදෙන වැද්දාගේ ජීවිතයේ අවදානම හා ඒ කාර්යයේ දුෂ්කරතාවත් සියැසින් දැක ඇති ස්පිටල් ඒ පිළිබඳ කදිම චිත්‍රයක් මේ කෘතියෙන් පාඨක ඔබ වෙත ඉදිරි පත් කරයි.
මිනිස් අතින් ඉදි නොවී මිනිසි වග
අතට පිදුණු දෙවොලෙහි මුදුනේ
දැල්වෙන මහ මිණි පහන හිරුය නිල්
නුබ තල වහළනි සෙවණ වුණේ
දීපාවළියකි තරු කැළ දෙවොලෙහි
දිදුළන මුළු රැය ගෙවෙන තුරා
දෙවොල් බිමය මිහිතලය හරිත තුරු
ලතා සුසැදි මල් සුවඳ දරා
වෙනත් දෙවොල් ගැන කතා කුමට තව
සිව් රිසි විසිතුරු නිබඳ රැඳී
මෙදෙවොල තුළ වැද දිය දම් මව හැම
මොහොතෙම බැතියෙන් දෙවිඳු වඳී
- වේඩ්ඩර් -
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.