Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / වන වැදුණු දොස්තර

වන වැදුණු දොස්තර

About this book

සිය පියා යමක් ලියනු දුටු හැම මොහොතකම ඔහුගේ ඇඟෙහි දැවැටෙමින් "තාත්තේ ඔයා හැම තිස්සේම කුරුටු ගාන්නේ මොනවා ද?" යි ඇසූ සිඟිති දුවක් පසුව සුරංගනා කතා ලිවීමේන් තාත්තාගේ අඩි පාරේම යන්නට පටන් ගෙන මුහුකුරා ගිය ලේඛිකාවක වශයෙන් ඇගේ තාත්තාගේ ජීවිත කතාවද ලිවීමට වාසනාවන්තියක් වූවාය. ඒ ඉංග්‍රීසියෙන් ලියූ පොත් තුදුසකින් එම සාහිත්‍ය පෝෂණයට දායක වූ ක්‍රිස්ටීන් ස්පිටිල් විල්සන් නමැති සුප්‍රකට ලේඛිකාව ය. මේ රටේ සිටි සුප්‍රකට ශල්‍ය වෛද්‍යවරයකු මෙන්ම ලේඛකයකුද වූ ආර්, එල්. ස්පිටිල්ගේ වැඩිමහල් දූ ය, ඇයට නැඟණියක්ද සිටි නමුත් කුඩා කාලයේදීම මිය ගියාය. 

ක්‍රිස්ටීන් විල්සන්ගේ මුළු ඉංග්‍රීසි කෘති අතුරෙන් කීපයක් “තිත්ත කෝපි”, “කඳු කර මාවත”, “අත්තටු මැවිලා”, “වීර දිවයින, යනුවෙන් සිංහලයට පරිවර්තනය වී තිබේ. මේ “වන වැදුණු දොස්තර” Surgeon of the Wilderness යනුවෙන් ඇය ලියූ ඇගේ පියාගේ ජීවිත කතාව ය, ක්‍රිස්ටීන් මෙම කෘතියෙන් ඇගේ පියාගේ ජීවිතයේ හැම පැතිකඩක්ම අතිශය භාව පූර්ණාකාරයෙන් විවරණය කරන්නී විවිධ සාහිත්‍ය  රස පාඨක මනසට ඇතුළු වන ආකාරයෙනි. 

ක්‍රිස්ටීන් ස්පිටල් විල්සන් දැන් ජීවතුන් අතර නැත. ඇයත් ඇගේ සැමියාත් සැබෑ මානව දයාවෙන් හෙබි, ඉතා නිහතමානී, එමෙන්ම කාරුණික, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම මිනිස් නාමය අන්වර්ථ කර ගත් යුවළක් බව ජීවතුන් අතර නැති ඒ දෙදෙනාටම දක්වන උපහාරයක් වශයෙන් මෙහි ලා සටහන් කරමු.

Details
ISBN
9789559348515
පිටු ගණන (Pages)
343
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Readers also shelved
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: වන වැදුණු දොස්තර

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.