Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / Christine Wilson / වීර දිවයින

වීර දිවයින

About this book

වීර දිවයින වනාහි වෛද්‍ය ආර්. එල්. ස්පිටල් හා ක්‍රිස්ටීන් විල්සන් යන ප්‍රවීණ ලේඛකයන් විසින් ඉංගිරිසියෙන් ලියන ලද The Brave Island නැමති ඓතිහාසික නවකතාවේ පූර්ණ සිංහලානුවාදය යි. නවකතාවක් හැටියට මෙය කිහිප අතකින් ම වැදගත් තැනක් ගනී. පරිවර්තිත බොහෝ කෘතීන්ගෙන් අපට සුලබ ව කියවන්නට ලැබෙන්නේ මුල් කෘතියේ අර්ථ ඉතා සැහැසි සේ විකෘති කැරුණු සිංහලයවත් ඉංගිරිසියවත් නො වන සිංගිරිසි යෙදුම් ය. එහෙත් ප්‍රවීණ ඉංග්‍රීසි ආචාර්යවරයකු, ආධුනිකත්ව මණ්ඩලයේත්, කටුබැද්ද විශ්වවිද්‍යාලීය ඉංජිනේරු පීඨයේත් හිටපු ඉංගිරිසි උපදේශකයකු හා මහරගම ජාතික තරුණ මූලස්ථානයේ ඉංගිරිසි උපදේශකයකු වන අභය හේවාවසම් මහතා ඉංගිරිසිය මැනැවින් දන්නා කෙනෙකු බැවින් මුල් කතුවරුන් ඉංගිරිසියෙන් ලියූ දෙය අඩුවක් වැඩියක් නැති ව ඒ සැටියෙන් ම සිංහලයෙන් කියැවීමේ අවස්ථාව වීර දිවයින නමැති සිය පරිවර්තන කෘතියෙන් පාඨකයාට උදා කැර දෙයි.

Details
ISBN
9789556561876
පිටු ගණන (Pages)
255
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Readers also bought
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: වීර දිවයින

Reviews are published once a member of our team has read them.