මැකීගිය දඩමං
මෙම කෘතිය පරම්පරා තුනක වැද්දන්ගේ ජීවිතය විස්තර කරමින් එකම කතාවක් ස්වරූපයෙන් ලියන ලද්දකි. වැද්දා ගල් ගෙවල වාසය කරමින් වනයේ තැනින් තැන ඇවිද ආහාර පාන සපයා ගැනීමෙන් ජීවත් වූ අවධියේ සිට ගෙපැල අටවාගෙන හේන් ගොවිතැනෙන් ජීවත් වන්නට පටන් ගත් අවදිය තෙක් වූ වැදි ජීවිතය මෙහි විස්තර වේ. නවකාවකට අවශ්‍ය අංගයක් වශයෙන් බැහැරින් එකතු කළ යම් දෙයක් හැරුණු විට ආදීම වැසියන් වූ වැද්දන්ගේ අන්තිමයන් පිළිබඳ මේ කතාව - වැද්දන්ගේ අන්තිම පදය - සත්‍ය කතාවකි.
හුදු ශාස්ත්‍රීය පර්යේෂණයක ප්‍රථිඵලයක් වශයෙන් ගවේෂකයෙකු ඉදිරිපත් කරන එකිනෙකට සම්බන්ධ මානව විද්‍යාත්මක විස්තරයක් මෙන් නොව පාඨකයාගේ රුචිය දියුණු වන සේ නවකතාවක ස්වරූපයෙන් සමාජ මානව විද්‍යාව ඉදිරිපත් කිරීමේ ක්‍රමය සාර්ථකව කළේ මා මීට පෙර ලියූ වන සරණ (Savage Sanctuary) නම් පොතෙනි. එම කතාවේ ඉතිරි කොටස මෙහි සම්බන්ධව තිබේ.
- ආර්. එල්. ස්පිටල්
වනගත ලංකා
ප්‍රේමචන්ද්‍ර අල්විස්
රු. 1,258.00
බ්‍රෝහියර් දුටු ලංකාව
අභය හේවාවසම්
රු. 1,105.00
වන වැදුණු දොස්තර
Christine Wilson
රු. 1,360.00
ලක් බිමේ සත් වසක්
ප්‍රේමචන්ද්‍ර අල්විස්
රු. 1,258.00
බ්‍රෝහියර් හඳුනාගත් ලංකාව
අභය හේවාවසම්
රු. 1,173.00
අස්ගිරි ගෙඩිගේ රාජමහා විහාරය සහ ආදාහන මළුව
නිමේෂ සෙනෙවිපාල
රු. 270.00
-
FavouriteThe best one
-
මැකීගිය දඩමන්මැකීගිය දඩමන්
-
★★★★★ Superඇත්තටම O/L කරන යට බද්දේගම කියන පාඩමට ආදාලව හමුවන A.P. ගුණරත්න නම් මහා යුග පුරුෂයාගේ සම්භාවනීය නව කතාවක් වන "මැකීගිය දඩමන්" කතාව බෙහෙවින් වැටී.