Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
About this book
මානව විද්‍යාත්මක විස්තර හුයින් විසිතුරු කථා වස්ත්‍රයක් විවීමට පළමුවෙන්ම මට යෝජනා කරන ලද්දේ මහාචාර්ය බාන්ස් මහතා විසිනි. ඒ මහතා මට මෙසේ ලීවේ ය. "වැද්දන් වැනි අති පුරාණ මනුෂ්‍ය වර්ගයන් ගැන සියුම් පරීක්ෂණ කොට ඔවුන්ගේ භාෂාව, දඩයම, සිරිත් විරිත් ආදිය පිළීබඳ විස්තරයක් ඇතුලත් කොට කරන ලද මානව විද්‍යාත්මක සංග්‍රහයක් මින් අවුරුදු කීපයකට ඉහත පළ විය. මෙය සම්පූර්ණයෙන් ශාස්ත්‍රීය කෘතියකි. එහෙත් එයින් වැදි ජීවිතය අනාවරණය නො කරයි. වැදි හාමිනේ උදේ අවදිවන්නේ කොයි වේලාවේ ද? ඈ උදය මුහුණ කට සෝදා ගනී ද නැද්ද? හීලට පිළියෙල වන්නේ මොනවා ද ? වැදිරාළ වැඩට පිටත් වන්නේ කොයි වේලාවට ද? ඔහු කරන්නේ මොනවා ද? සිතන්නේ මොනවා ද? වැදි ජීවිතය පිළීබඳ ඉතා කිට්ටු ඔබට කළ හැකි තරම සම්පූර්ණ විස්තරයක් ඔබ අපට ඉදිරිපත් කරතැයි මම ඉතා ආසාවෙන් බලාපොරොත්තු වෙමි. එය ඉතා වටිනා එසේ ම කියවන්නා ප්‍රිය කරන කෘතියක් ද වෙනවා ඇත. " "වන සරණ" හා "මැකීගිය දඩමං" එම උත්සාහයේ ප්‍රථිඵලයයි. -ආර්. එල්. ස්පිටල්

මේ වන සරණ පොත ආර්. එල්.ස්පිටල් දොස්තර මහත්මයා විසින් ලියන ලද සුප්‍රකට SAVAGE SANCTUARY නම් පොතේ සිංහල අනුවාදයයි. මෙය සත්‍ය කරුණු ආශ්‍රෙයන් ලියන ලද මානව විද්‍යාත්මක වටිනාකමකින් යුත් කරුණු රාශියක් ඇතුළත් රසවත් කථාවකි.

වන්නියේ වැද්දන් සොයමින් මහ වනයේ හැම තැනක ම ඇවිදින්නට පුරුදු ව සිටි ස්පිටල් දොස්තර මහතා වැද්දන් හා වැදි ජීවිතය ද පිළිබඳ බොහෝ දේ මෙහි විස්තර කරයි. සිත්කලු මහ වනය හා බිහිසුණු වන ජීවිතය ද කියවන්නා ඉදිරියෙහි විචිත්‍ර ලෙස විදහා පෙන්වයි.

ISBN
9789559348019
පිටු ගණන (Pages)
368
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: වන සරණ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.