සුදු වැද්දා - සූරිය ප්‍රකාශන
"මට කැලේම තමා"
ඒ ගැන තර්ක විතර්කවලට ඉඩක් නැති බව ඔහුගේ වචනවල නිශ්චිතතාවෙන් තහවුරු විය. එවැනි උත්සාහයක් නොදැරීමට වගබලා ගත යුතු තරමට ඔවුහු හැන්ස් ගැන මනා අවබෝධයක් ඇතිවද සිටියහ.
"අර අසරණ තරුණිය නාලිනීට ඉන්න මීට වඩා හොඳ තැනක් ගැන මට හිතා ගන්න බැහැ. මෙහේ නවතින්න ඇය කැමති කර ගන්න මම උත්සාහ කරන්නම්. මා ළඟ ඉන්න කට්ටියේම කෙනෙක් හැටියට මම ඇය රැක බලා ගන්නම්."
මඳ වේලාවක් නිහඬව සිටි පියතුමා හැන්ස් ඇමතුවේය. මගේ පුතා හැන්ස් කැලය ඔබේ ශරීරයත් ආත්මයත් අවනත කරගෙන, එය හැම දාම ඔබගේ නිවහන වෙයි. ඒත් කැලේ අද්දර ඉන්න අප බලන්න ඉඳහිටවත් නෑවිත් ඉන්න හේම ඒක හේතුවක් නෙමේ අපි හැම විටම ඔබ ආදරයෙන් පිළිගන්නවා.
බොහෝම ස්තූතියි පියතුමනි මම ඔබතුමා අමතක කරන්නේ නැහැ.
ඔවුන් නැගිට වැලි පිස දමා අඳුරු වන ගුල්මය මැදින් පුජකතුමාගේ පැල්පත කරා ගිය අතර හැන්ස් ඔවුන්ගෙන් වෙන්ව රනී වෙත ගියේය.
පොරොන්දු වු පරිදි පසු දා අලුයම ඔවුහු සියලු දෙනාම හැන්ස් - රනී යුවළ අවසන් වරට දැක ගැනීමට ගියහ. ඔවුන් දෙදෙනා බල්ලාද කැටුව යනු ඔවුහු බලා සිටියහ. කැලයට ඇතුළු වත්ම හැන්ස් ආපසු හැරී අත වනා ඔවුනට ආයුබෝවන් කීවේය.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
-
★★★★★ GoodGood