සුදු වැද්දා - 3 අපරාජිතයා

Special Price රු. 540.00 Regular Price රු. 600.00
Out of stock
SKU
sudu-wadda-3-aparajithaya-niwton-gunasekara-dayawansha

සුදු වැද්දා - 3

අපරාජිතයා

නිව්ටන් ගුණසේකර

දොස්තර ආර්. එල්. ස්පිට්ල් විසින් රචිත “THE WILD WHITE BOY” නම් ඉංග්‍රීසි නවකතාව “මහ බැද්දේ සුදු වැද්දා” නමින් සිංහලට පරිවර්තනය කළ නිව්ටන් ගුණසේකර පසුව එහි දෙවන කොටස ප්‍රතිනිර්මාණය කළේ “සුදු වැද්දා - 2” නමිනි. 2002 වසරේදී ප්‍රකාශයට පත් එම කෘතියට ද නොමඳ පාඨක-විචාරක ප්‍රසාදයක් හිමි විය. ඉන් ලද දිරිය හා උත්තේජනය මත ඔහු එහි තෙවන කොටස ද ප්‍රතිනිර්මාණය කිරීමට උත්සුක විය. “සුදු වැද්දා - 3” හෙවත් “අපරාජිතයා” එම උත්සාහයේ මහඟු ප්‍රතිඵලයකි.

මෙම නවකතාව සුවිශේෂිත කරුණු දෙකක් නිසා වැදගත් වෙයි. පළමුවැන්න පරිවර්තන කෘතියක තුන්වැන්නක් ස්වීය ප්‍රතිනිර්මාණයක් ලෙසින් ශ්‍රී ලාංකේය නිර්මාණ සාහිත්‍ය වංශයට එක්වන ප්‍රථම අවස්ථාව මෙය වීමයි. දෙවැන්න එබඳු මෙහෙවරක් කළ මුල්ම සිංහල ලේඛකයා වීමේ ගෞරවය ද නිව්ටන් ගුණසේකර විසින්ම හිමිකර ගැනීමයි.

Author නිව්ටන් ගුණසේකර - Newton Gunasekara (19)
Publisher දයාවංශ ජයකොඩි සහ සමාගම - Dayawansha Jayakody (593)
More Information
ISBN 9789555519694
පිටු ගණන 159
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:සුදු වැද්දා - 3 අපරාජිතයා
Back to Top
Related Products