සුදු වැද්දා - 3 අපරාජිතයා
සුදු වැද්දා - 3
අපරාජිතයා
නිව්ටන් ගුණසේකර
දොස්තර ආර්. එල්. ස්පිට්ල් විසින් රචිත “THE WILD WHITE BOY” නම් ඉංග්‍රීසි නවකතාව “මහ බැද්දේ සුදු වැද්දා” නමින් සිංහලට පරිවර්තනය කළ නිව්ටන් ගුණසේකර පසුව එහි දෙවන කොටස ප්‍රතිනිර්මාණය කළේ “සුදු වැද්දා - 2” නමිනි. 2002 වසරේදී ප්‍රකාශයට පත් එම කෘතියට ද නොමඳ පාඨක-විචාරක ප්‍රසාදයක් හිමි විය. ඉන් ලද දිරිය හා උත්තේජනය මත ඔහු එහි තෙවන කොටස ද ප්‍රතිනිර්මාණය කිරීමට උත්සුක විය. “සුදු වැද්දා - 3” හෙවත් “අපරාජිතයා” එම උත්සාහයේ මහඟු ප්‍රතිඵලයකි.
මෙම නවකතාව සුවිශේෂිත කරුණු දෙකක් නිසා වැදගත් වෙයි. පළමුවැන්න පරිවර්තන කෘතියක තුන්වැන්නක් ස්වීය ප්‍රතිනිර්මාණයක් ලෙසින් ශ්‍රී ලාංකේය නිර්මාණ සාහිත්‍ය වංශයට එක්වන ප්‍රථම අවස්ථාව මෙය වීමයි. දෙවැන්න එබඳු මෙහෙවරක් කළ මුල්ම සිංහල ලේඛකයා වීමේ ගෞරවය ද නිව්ටන් ගුණසේකර විසින්ම හිමිකර ගැනීමයි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.