මහ බැද්දේ සුදු ගෝනා
R. L. SPITTEL
WHERE THE WHITE SAMBHUR ROAMS
මහ බැද්දේ
සුදු ගෝනා
නිව්ටන් ගුණසේකර
ශ්‍රී ලංකාවේ වන දිවිය පාදක කොට දොස්තර ආර්. එල්. ස්පිට්ල් විසින් රචනා කරන ලද “WHERE THE WHITE_SAMBHUR_ROAMS” හෙවත් “සුදු ගෝනා” නම් වූ රසබර වෘත්තාන්තය මෙරට පාඨක ජනයා අතර කෙතරම් ජනාදරයට පාත්‍ර වූවාද යත් එදා එහි මුද්‍රණ කීපයක්ම පළකරන්නට ප්‍රකාශකයින්ට සිදු විය. එදා මෙන්ම අදටත් එකසේ ජනප්‍රිය “සුදු ගෝනා” වසර ගණනාවකට පසු යළි නවතම පරිවර්තනයක් ලෙසින් ඔබ දෝතට පත්වන්නේ එය නැවත පළකරන ලෙසට අතිවිශාල පාඨක පිරිසකගෙන් ලද ඉල්ලීමට ගරු කිරීමක් වශයෙනි.
ආර්. එල්. ස්පිට්ල්ගේම “සුදු වැද්දා” නවකතාවේ පළමු කොටස වන “මහ බැද්දේ සුදු ගෝනා” ද ත්‍රාසය, කුතුහලය හා වීරත්වය එකසේ කැටිවූ රමණීය වෘත්තාන්තයකි. එක හුස්මට කියවා නිම කළ හැකි මෙම අපූරු නිර්මාණය නිව්ටන් ගුණසේකර විසින් සිංහලයට නඟා ඇත්තේ ඔහුටම ආවේණික වූ සරල හා සුගම භාෂා ශෛලියකිනි. එය හුදු පරිවර්තනයක් නොව අපේම බසින් රචිත යථාර්ථවාදී නවකතාවක් තරමටම රසවත්ය.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.