Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / මහ බැද්දේ සුදු ගෝනා

මහ බැද්දේ සුදු ගෝනා

ප්‍රවර්ග (Genre): පරිවර්තන නවකතා
About this book

R. L. SPITTEL

WHERE THE WHITE SAMBHUR ROAMS

මහ බැද්දේ

සුදු ගෝනා

නිව්ටන් ගුණසේකර

ශ්‍රී ලංකාවේ වන දිවිය පාදක කොට දොස්තර ආර්. එල්. ස්පිට්ල් විසින් රචනා කරන ලද “WHERE THE WHITE_SAMBHUR_ROAMS” හෙවත් “සුදු ගෝනා” නම් වූ රසබර වෘත්තාන්තය මෙරට පාඨක ජනයා අතර කෙතරම් ජනාදරයට පාත්‍ර වූවාද යත් එදා එහි මුද්‍රණ කීපයක්ම පළකරන්නට ප්‍රකාශකයින්ට සිදු විය. එදා මෙන්ම අදටත් එකසේ ජනප්‍රිය “සුදු ගෝනා” වසර ගණනාවකට පසු යළි නවතම පරිවර්තනයක් ලෙසින් ඔබ දෝතට පත්වන්නේ එය නැවත පළකරන ලෙසට අතිවිශාල පාඨක පිරිසකගෙන් ලද ඉල්ලීමට ගරු කිරීමක් වශයෙනි.

ආර්. එල්. ස්පිට්ල්ගේම “සුදු වැද්දා” නවකතාවේ පළමු කොටස වන “මහ බැද්දේ සුදු ගෝනා” ද ත්‍රාසය, කුතුහලය හා වීරත්වය එකසේ කැටිවූ රමණීය වෘත්තාන්තයකි. එක හුස්මට කියවා නිම කළ හැකි මෙම අපූරු නිර්මාණය නිව්ටන් ගුණසේකර විසින් සිංහලයට නඟා ඇත්තේ ඔහුටම ආවේණික වූ සරල හා සුගම භාෂා ශෛලියකිනි. එය හුදු පරිවර්තනයක් නොව අපේම බසින් රචිත යථාර්ථවාදී නවකතාවක් තරමටම රසවත්ය.

ISBN
978-955-551-765-2
පිටු ගණන (Pages)
199
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: මහ බැද්දේ සුදු ගෝනා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.