Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ආගමික / බෞද්ධ / ළමා සිතට ජාතක කථා වස්තු මිහිර

ළමා සිතට ජාතක කථා වස්තු මිහිර

About this book

වර්තමානයේ දී බොදු දූ දරුවන්ගේ භාවිතයෙන් තරමක් ඈත්ව ගිය 'ජාතක පොත' යළිත් දරු පරපුරට සමීප කරවීම අපගේ බලවත් යුතුකමකි. පරිගණකය, දුරකථනය ආදී විවිධ මෙවලම් ඔස්සේ කුඩා දරු දැරියන් සීඝ්‍රයෙන් තාක්ෂණික දැනුම් සම්භාරයක් වෙත ගමන් කළත්, ඒ සමාන වේගයකින් වටිනා සාරධර්මවල පරිහානියට ද සමීප වී ඇති බවට බුද්ධිමතුන් අදහස් පළ කරනු අසන්නට ලැබේ. එවන් යුගයක වසර තිහකට අධික කාලයක් කොළඹ විශාඛා විද්‍යාලයයේ ගණිත ආචාර්යවරිය ලෙස කටයුතු කළ ජයසුමනා ද සිල්වා රොබට්සන් මහත්මිය ඉතා මැනවින් හා අපූර්වතාවකින් යුතුව තෝරාගත් ජාතක කතා කීපයක් මෙම ග්‍රන්ථය තුළින් සංවාදාත්මක ලෙස ඉදිරිපත් කර තිබීම සතුටට කරුණකි. ගෙවී ගිය යුගයේ ශ්‍රී ලංකා ගුවන් විදුලිය ඔස්සේ ද දැයේ දරුවන්ට සාරවත් දහම් කරුණු සිත්ගන්නාසුලු ආකාරයෙන් ඉදිරිපත් කිරීමට එතුමිය ගත් උත්සාහය ද මෙහි දී සිහිපත් කළ යුතුය. දිවංගත ධර්ම කථික දේශබන්ධු ඇලෙක් රොබට්සන් මහතාගේ භාර්යාව වන ඇය සිය ජීවිතයේ සැඳෑ සමය අර්ථාන්විත ලෙස ගත කරමින් කටයුතු කරන අතර, ශ්‍රී ජයවර්ධනපුර සිළුමිණි විහාරයේ උපස්ථාන සභාවේ ගරු අනුශාසිකාව ලෙස සුවිශාල ශාසනික සේවාවක් ද ඉටු කරනු ලබයි. උඩරට අමරපුර සාමග්‍රී සංඝ සභාව වෙතින් "ශාසන සේවා කීර්ති ශ්‍රී දිරිය මාතා” යන ගෞරව නාමයෙන් සම්මානිත වූ ආචාරිනී ජයසුමනා ද සිල්වා රොබට්සන් මහත්මියගේ ශාසනික සේවාවට ආශිර්වාද කර සිටුම්හ.

අභිධජ මහා රට්ඨගුරු, අග්ගමහාපණ්ඩිත,

දොඩම්පහළ චන්ද්‍රසිරි නාහිමි

ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක

ISBN
9786245711048
පිටු ගණන (Pages)
112
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ළමා සිතට ජාතක කථා වස්තු මිහිර

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.