Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / ලංකා කොටින්ගේ පරාජය

ලංකා කොටින්ගේ පරාජය

ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book

එම්. ආර්. නාරායන් ස්වාමි එල්.ටී.ටී.ඊ. සංවිධානය පිළිබඳ දීර්ඝ හැදෑරීමක් සහිත මාධ්‍යවේදියෙකි. හෙතෙම, "The Tiger Van- quished-LTTE's Story" කෘතිය පළ කිරීමට ප්‍රථම Tigers of Sri Lanka (From boys to Guerrillas) නමැති කෘතිය සහ "Inside an Elusive Mind" PRABAKARAN නමැති කෘති ද්විත්වය රචනා කර එය ප්‍රකාශයට පත්වීමෙන් පසු එම කෘති ද්විත්වය පිළිවෙළින්: “ලංකා කොටි -කොලු කුරුට්ටන් ගරිල්ලන් වූ සැටි” යන මැයෙන් සහ “ඇතුළාන්ත මනසක දුරවබෝධ- ප්‍රභාකරන්” යන මැයෙන් සිංහල පාඨකයන් අතට පත් විය. එම කෘති ද්විත්වයට ම පාඨක ප්‍රතිචාර ද ඉහළින් ම ලැබිණ. නමුදු මෙම කෘතිය මෙතෙක් සිංහල පාඨකයන් අතරට පත්නොවිණ. ඊට හේතු පාදක වූයේ කුමක් ද යන්න නිවැරැදිව විනිශ්චය කළ නොහැකි වුව ද මෙම කෘතියෙන් හෙළිදරව් වන ප්‍රමුඛ කරුණක් පවතී. එනම්, එල්.ටී.ටී.ඊ. සංවිධානය පරාජයට පත් කිරීමට හැකි වූයේ එහි දෙවන පෙළ නායකයා වූ කරුණා අම්මාන් වෙන් වීම හේතුවෙන් බව සහ ඔහු එසේ වෙන්වීමට බලපෑ ප්‍රධාන සාධකය වූයේ එවකට අග්‍රාමාත්‍ය ධුරය හෙබවූ වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ එල්.ටී.ටී.ඊ සංවිධානයේ නායක වේලුපිල්ලෙයි ප්‍රභාකරන් අතර 2002 වසරේ ඇතිකර ගත් සාම ගිවිසුම බවයි.

අවස්ථාවාදී දේශපාලනඥයන්ගේ අදූරදර්ශී ක්‍රියාපටිපාටි හේතුවෙන් ඉතිහාසයෙන් මැකීයාමට නියමිතව තිබූ බොහෝ කරුණු මෙම කෘතියට ඇතුළත්ව ඇත. එය සිංහල පාඨක ප්‍රජාව කියවිය යුතු ම වන්නේ එබැවිනි.

ISBN
9786245679331
පිටු ගණන (Pages)
560
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ලංකා කොටින්ගේ පරාජය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.