ලංකා කොටින්ගේ පරාජය
එම්. ආර්. නාරායන් ස්වාමි එල්.ටී.ටී.ඊ. සංවිධානය පිළිබඳ දීර්ඝ හැදෑරීමක් සහිත මාධ්‍යවේදියෙකි. හෙතෙම, "The Tiger Van- quished-LTTE's Story" කෘතිය පළ කිරීමට ප්‍රථම Tigers of Sri Lanka (From boys to Guerrillas) නමැති කෘතිය සහ "Inside an Elusive Mind" PRABAKARAN නමැති කෘති ද්විත්වය රචනා කර එය ප්‍රකාශයට පත්වීමෙන් පසු එම කෘති ද්විත්වය පිළිවෙළින්: “ලංකා කොටි -කොලු කුරුට්ටන් ගරිල්ලන් වූ සැටි” යන මැයෙන් සහ “ඇතුළාන්ත මනසක දුරවබෝධ- ප්‍රභාකරන්” යන මැයෙන් සිංහල පාඨකයන් අතට පත් විය. එම කෘති ද්විත්වයට ම පාඨක ප්‍රතිචාර ද ඉහළින් ම ලැබිණ. නමුදු මෙම කෘතිය මෙතෙක් සිංහල පාඨකයන් අතරට පත්නොවිණ. ඊට හේතු පාදක වූයේ කුමක් ද යන්න නිවැරැදිව විනිශ්චය කළ නොහැකි වුව ද මෙම කෘතියෙන් හෙළිදරව් වන ප්‍රමුඛ කරුණක් පවතී. එනම්, එල්.ටී.ටී.ඊ. සංවිධානය පරාජයට පත් කිරීමට හැකි වූයේ එහි දෙවන පෙළ නායකයා වූ කරුණා අම්මාන් වෙන් වීම හේතුවෙන් බව සහ ඔහු එසේ වෙන්වීමට බලපෑ ප්‍රධාන සාධකය වූයේ එවකට අග්‍රාමාත්‍ය ධුරය හෙබවූ වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ එල්.ටී.ටී.ඊ සංවිධානයේ නායක වේලුපිල්ලෙයි ප්‍රභාකරන් අතර 2002 වසරේ ඇතිකර ගත් සාම ගිවිසුම බවයි.
අවස්ථාවාදී දේශපාලනඥයන්ගේ අදූරදර්ශී ක්‍රියාපටිපාටි හේතුවෙන් ඉතිහාසයෙන් මැකීයාමට නියමිතව තිබූ බොහෝ කරුණු මෙම කෘතියට ඇතුළත්ව ඇත. එය සිංහල පාඨක ප්‍රජාව කියවිය යුතු ම වන්නේ එබැවිනි.
| Author | M.R. Narayan Swami (1), චානක තිලකරත්න - Chanaka Thilakarathna (2) |
|---|---|
| Publisher | කවිවර ප්‍රකාශන - Kavivara Prakashana (32) |
| ISBN | 9786245679331 |
|---|---|
| පිටු ගණන | 560 |
| දැනට මුද්‍රණයේ පවතී ද? | මුද්‍රණයේ පවති - In Print |




