ලෙනාඩ් වුල්ෆ් - බැද්දේගම සහ වුල්ෆ් නොකී බැද්දේගම
වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම නාමල්ගේ මෙම කෘතිය ලෙනාඩ් වුල්ෆ් වටා ගෙතුණ බොහෝ අගනා තොරතුරු එක්රැස් කොට සිංහල පාඨකයා වෙනුවෙන් රචනා කරන ලද අනඟි නිර්මාණයකි. අප රටේ බොහෝ දෙනා දැන සිටියේ, වසර හතක වුල්ගේ උප දිසාපති භූමිකාව හා ඔහු විසින් රචනා කරන ලද ‘බැද්දේගම’ නවකතාව ගැන පමණකි. වුල්ෆ් චරිතය ඇසුරු කර සහ ඔහු ගැන ලියූ දෙස් විදෙස් ලේඛකයන්ගේ කෘති සේවනය කරමින්, යටත් විජිත යුගයේ ලංකාවේ සිටි පරිපාලකයෙකු හැටියටත්, ලිබරල්වාදී චින්තකයෙකු හැටියටත් ඔහුගේ පසුකාලීන ක්‍රියාකාරිත්වය මෙහි පුළුල් ලෙස සාකච්ඡාවට බඳුන් වෙයි. අධිරාජ්‍යවාදී අදහස් ඒ අයුරින් නොගෙන මානව හිතවාදී දෘෂ්ටියකින් ලෝකය දෙස බලා ඔහු කටයුතු කර ඇති ආකාරය මෙහි දක්වා තිබීම ඉතා වැදගත් ය. බ්‍රිතාන්‍ය වාමාංශික ව්‍යාපාරයේ හා කම්කරු පක්‍ෂයේ ක්‍රියාකරුවකු වූ වුල්ගේ මෙකී දේශපාලන උයෝගය එක්සත් ජාතීන්ගේ සංගමයේ මූලාරම්භයට යම් දායකත්වයක් සැපයිණි.
එසේම ඔහුගේ බිරිඳ වූ වර්ජිනියා වුල්ගේ සාහිත්‍ය ව්‍යාපාරය පිළිබඳව හා ඒවා ඇසුරින් නිර්මාණය වූ විවාදාපන්න චිත්‍රපට පිළිබඳව ලේඛකයා සිදුකරන එළිදරව් කිරීම් ද ඉතා වැදගත් ය. වුල්ෆ් යුවළගේ සාහිත්‍ය, සමාජ, දේශපාලන යන ක්ෂේත්‍රවල බලපෑම බ්‍රිතාන්‍යයට පමණක් සීමා නොවූ අතර ප්‍රංශය ඇතුළු යුරෝපීය රටවලට ද එහි බලපෑම ඇති විය. එහෙයින් මෙම නව විද්වත් රැඩිකල් අදහස් එම ශත වර්ෂයේ ආරම්භයේ යුරෝපයේ ජනයාගේ බුද්ධිය පුබුදුවන ලද ප්‍රබල දේශපාලන හා සාහිත්‍ය සංවාද හැටියට සැලකිය හැකිය. මෙම කෘතිය ඉතා වෙහෙස මහන්සිව රචනා කිරීමෙන් නාමල් සිදුකර ඇත්තේ ලාංකීය ප්‍රජාවගේ බුද්ධිමය ප්‍රබෝධය හා දැනුම පුළුල් කරන වටිනා වූත් සුවිශේෂ වූත් අපදාන කෘතියක් ලාංකීය පාඨකයාට ප්‍රදානය කිරීමකි.
සේවාර්ජිත මහාචාර්ය සෝමරත්න බාලසූරිය
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.