Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ආගමික / බෞද්ධ / මහාථූප දාගැබ් සිතුවම්

මහාථූප දාගැබ් සිතුවම්

About this book

පර්යේෂකයා පුද්ගලයන් සමග නොව දත්ත සමග ගනුදෙනු කරන්නෙකි. එහෙත් ඔහු කිසි විටෙකත් දත්ත බලහත්කාරයෙන් පෙළඹ වීමට ලක් නොකළ යුතුය. වාසිදායක හා අවාසිදායක දත්ත යන වර්ගීකරණයෙන් අත්මිදිය යුතු අතර, අදාළ සැම දත්තයක්ම පාඨක අධිකරණය හමුවට ඉදිරිපත් කළ යුතුය.

ශාස්ත්‍රීය පර්යේෂණය, තෝරාගත් චරිත හා ඒවාට එල්ල කරන අඩු වැඩි ආලෝක ධාරා ද, පිටපතකට අනුව ලබා දුන් දෙබස් ද මගින් තමන්ට අවශ්‍ය කථාව ප්‍රේක්ෂකයාට ඉදිරිපත් කරන වේදිකා නාට්‍යයක් නොවේ. සංවේදී තේමා සමග ගනුදෙනු කරන පර්යේෂකයා දත්ත මගින් ඉදිරිපත් කෙරෙන කතාව පාඨකයාට සන්නිවේදනය කිරීමට උපකාර කරන, ශික්ෂණයෙන් යුතු, විමර්ශනශීලී අතරමැදියෙක් පමණි. මේ ගුණාංග හැකි උපරිමයෙන් ආරක්ෂා කර ගනිමින් මහාථූප දාගැබ් සිතුවම් ප්‍රවාදය සාකච්ඡා කිරීමට උත්සුක වීමි. එතරම් නොවැදගත් යැයි සිතිය හැකි කරුණක් වුවත් සියුම්ව අධ්‍යයනය කළ විට ගැඹුරු ශාස්ත්‍රීය සාකච්ඡාවකට ප්‍රවේශ සලසා ගත හැකි බැව් සනාථ කරනු පිණිස මේ ප්‍රයත්නය සාක්ෂ්‍යයක් වනු ඇතැයි මම උදක් ම විශ්වාස කරමි.

ISBN
9786242010298
පිටු ගණන (Pages)
304
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: මහාථූප දාගැබ් සිතුවම්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.