ඇල්. වී. ඒ. ද මැල්
මැල්, පුරාවිද්‍යා කම්කරුවකු ලෙස සේවයට බැඳි, කැණිම් නිලධාරියකු ලෙස දශක තුනකට වැඩි කාලයක් සේවය කර, විශ්‍රාම යාමට ආසන්න කාලයේ දී පුරාවිද්‍යා නිලධාරි තනතුරට පත් වූ විදග්ධයෙකි. ස්තරවිද්‍යාව පිළිබඳ ඔහු සතු සංකීර්ණ වූත්, ප්‍රශස්ත වූත්, නිරාකූල වූත්, නිරවද්‍ය වූත් දැනුම් සම්භාරය ඔහු අත්පත් කර ගත්තේ අසීමිත කැපවීමකින් මහපොළොව සමග ගත කිරීමෙනි.
ඔහුට උපාධියක් නැති බව සැබෑ ය. එහෙත් ඔහු නිසා බොහෝ උපාධිධරයෝ බිහි වූහ. සිරාන් දැරණියගල, නිමල් පෙරේරා, ඩබ්. එච්. විජේපාල ආදී විශිෂ්ටයින්ගේ ආචාර්ය උපාධිවල සාර්ථකත්වයට මැල්ගේ ශ්‍රමය, කැපකිරීම හා ස්තරවිද්‍යාව පිළිබඳ දැනුම විසින් සෘජු දායකත්වයක් සපයනු ලැබ ඇත. සැබෑ ප්‍රවීණයින් සොයාගත හැක්කේ හිස් කඩදාසි පිටු අතරින් නොව, මහපොළොවේ ප්‍රායෝගික ක්‍රියාවලිය තුළින් බව මැල් අපට නැවත නැවතත් පසක් කරවයි. වසර තිස්පහක සේවා කාලය තුළ මැල්ගේ අධ්‍යයනයට ලක් වූ පාංශු ස්තර සංඛ්‍යාව විසිදහස ඉක්මවයි. එතරම් සුවිසල් අත්දැකීමක් සහිත වෙනත් කැණීම් කරුවකු දකුණු ආසියාවේ සිටිතැයි විශ්වාස කිරීම අපහසු ය. මැල් නිසැක වශයෙන් ම දකුණු ආසියානු පරණවිතාන වැදගත් වන්නේ යම් සේ ද, ප්‍රාග් ඓතිහාසික පුරාවිද්‍යාවට දැරණියගල වැදගත් වන්නේ යම් සේ ද, එපරිද්දෙන් ම ස්තරවිද්‍යාත්මක කැණීම්කරණයෙහි ලා ඇල්. වී. ඒ. ද මැල් නාමය ද සන්නාමයක් වී අවසාන ය.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.