Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / මාළිගයේ සිරකරු සදාම් හුසේන්

මාළිගයේ සිරකරු සදාම් හුසේන්

ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book

සදම් හුසේන් ඉරාක දේශයේ වාසීනට 'වීරයෙක්' වූවා විය හැකිය; එහෙත් ඔහු නඩු විභාගයකින් පසු එල්ලා මැරීමට, ඇමෙරිකානු ආක්‍රමණිකයාට තිබූ අයිතිය කුමක්ද? එය වෙනම ලෝක දේශපාලනික ගැටලුවකි !

එනමුදු 'සදම් හුසේන්' නමැති ඉරාක ජාතික පුද්ගලයා එල්ලා මැරීම පිටුපස තවත් සංවේදී මානුෂික ගැටලුවක් තිබේ. ඇමෙරිකානු සොල්දාදුවෙක් සදම් හුසේන් එල්ලා මරනු රූගත කර තිබුණි; එය සියලු ලෝක වාසී 'දුටු දන' කම්පනයට පත් කළේ ය. මරණය මෙතරම් කුරිරුදැයි ඒ 'දුටු දන' ඉමහත් කම්පනයෙන් ප්‍රශ්න කළහ.

ශ්‍රී ලංකාවේද, ලෝකයෙහිද 'එල්ලා මැරීම' මහා මතවාදී වියවුලක් උදෙසා තවමත් ඉතිරිව තිබේ.

මේ පොතින් කියැවෙන්නේ, සදම් හුසේන් නම් සිරකරුවාගේ මරණ මංචකය තෙක් ඔහු භාරව සිටි සොල්දාදුවන් දොළසක් අතර දෝලනය වූ 'මානුෂිකත්වය' පිළිබඳ සංවේදිත්වයේ හැඟුම් මාලාවයි. අවසන් වශයෙන් ඇමෙරිකානුවෝය, ඉරාකයෝය නැත්නම් අසවල් ජාති-ආගම්-කුලවල ඇත්තෝය කියා බෙදීමක් නොවිය.

සිටියේ එකම මිනිස් කුලයක මිනිසුන්මැයි ! පරිවර්තන පොත් ගණනාවක් කළ සමන් පුෂ්ප ගුණසේකර ලේඛිකාවගේ සාර්ථකත්වය විමසිය යුත්තේ රසික පාඨක ප්‍රජාවයි.

- පියසේන වික්‍රමගේ -

ISBN
9789553120458
පිටු ගණන (Pages)
258
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: මාළිගයේ සිරකරු සදාම් හුසේන්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.