Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / මනෝ විද්‍යාව / මනෝවිද්‍යාත්මක උපදේශන න්‍යාය සහ භාවිතය

මනෝවිද්‍යාත්මක උපදේශන න්‍යාය සහ භාවිතය

About this book

කුමුදිනි ශ්‍රියානි වැදිසිංහ විසින් රචනා කොට ඇති “මනෝවිද්‍යාත්මක උපදේශන න්‍යාය සහ භාවිතය" යන කෘතිය අප සමාජයට කාලීන වැදගත්කමක් ඇති ශාස්ත්‍රීය දායකත්වයක් ලෙස හඳුන්වාදිය හැක. මන්ද මනෝවිද්‍යාත්මක උපදේශනය පිළිබඳ සිංහල පාඨක සමාජය වෙත මෙවැනි කෘති සුලබව පැවතියත් ඒවා න්‍යාය හා සංකල්ප හෝ නැතිනම් භාවිතය පිළිබඳ පමණක් අවධානය යොමු කර ඇති බව නිරීක්ෂණය කළ හැක. නමුත් මෙම කෘතිය එම තත්ත්වය අතික්‍රමණය කරමින් පාඨකයාට උපදේශනය සම්බන්ධ සරල එහෙත් ගැඹුරු න්‍යායික සංකල්පීය භාවිතාත්මක පැතිකඩ හඳුන්වාදීම අගය කළ යුතුය.

මෙම කෘතියේ මා සිත්ගත් හතර වන පරිච්ඡේදය පුරා ඇය සුවිශේෂ උත්සාහයක් දරන්නේ අප සමාජයේ ආන්තීකරණයට ලක් වු සමාජ කණ්ඩායම් වලට මනෝවිද්‍යාත්මක උපදේශනය සැපයීමේ දී ගත හැකි ක්‍රියාමාර්ග වෙතය.

උපදේශනයේ වැදගත්කම හා සේවාලාභියා පිළිබඳ තියුණු හා සානුකම්පික අවධානය යොමුකරමින් ඔවුන් ට සවන්දීම හා පොරබදමින් සිටින මානසික ව්‍යාකූලතා වලින් මුදවාගෙන සමාජයේ සක්‍රිය සාමාජිකයකු ලෙස පත්කිරීම උපදේශකයකු ට ඇති අභියෝගාත්මක බලාපොරොත්තුවකි. එවැනි බලාපොරොත්තු යම් මට්ටමකට හෝ සාක්ෂාත් කර ගැනීම සඳහා උපදේශනයේ යෙදෙන්නන්ට පමණක් නොව උපදේශනය පිළිබඳ හදාරන්නන්ටත් මෙම කෘතිය මහඟු පිටිවහලක් වන බව නිසැකය.

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රේමකුමාර ද සිල්වා

ISBN
9786246708252
පිටු ගණන (Pages)
208
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: මනෝවිද්‍යාත්මක උපදේශන න්‍යාය සහ භාවිතය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.