මනෝවිද්‍යාත්මක උපදේශන න්‍යාය සහ භාවිතය
කුමුදිනි ශ්‍රියානි වැදිසිංහ විසින් රචනා කොට ඇති “මනෝවිද්‍යාත්මක උපදේශන න්‍යාය සහ භාවිතය" යන කෘතිය අප සමාජයට කාලීන වැදගත්කමක් ඇති ශාස්ත්‍රීය දායකත්වයක් ලෙස හඳුන්වාදිය හැක. මන්ද මනෝවිද්‍යාත්මක උපදේශනය පිළිබඳ සිංහල පාඨක සමාජය වෙත මෙවැනි කෘති සුලබව පැවතියත් ඒවා න්‍යාය හා සංකල්ප හෝ නැතිනම් භාවිතය පිළිබඳ පමණක් අවධානය යොමු කර ඇති බව නිරීක්ෂණය කළ හැක. නමුත් මෙම කෘතිය එම තත්ත්වය අතික්‍රමණය කරමින් පාඨකයාට උපදේශනය සම්බන්ධ සරල එහෙත් ගැඹුරු න්‍යායික සංකල්පීය භාවිතාත්මක පැතිකඩ හඳුන්වාදීම අගය කළ යුතුය.
මෙම කෘතියේ මා සිත්ගත් හතර වන පරිච්ඡේදය පුරා ඇය සුවිශේෂ උත්සාහයක් දරන්නේ අප සමාජයේ ආන්තීකරණයට ලක් වු සමාජ කණ්ඩායම් වලට මනෝවිද්‍යාත්මක උපදේශනය සැපයීමේ දී ගත හැකි ක්‍රියාමාර්ග වෙතය.
උපදේශනයේ වැදගත්කම හා සේවාලාභියා පිළිබඳ තියුණු හා සානුකම්පික අවධානය යොමුකරමින් ඔවුන් ට සවන්දීම හා පොරබදමින් සිටින මානසික ව්‍යාකූලතා වලින් මුදවාගෙන සමාජයේ සක්‍රිය සාමාජිකයකු ලෙස පත්කිරීම උපදේශකයකු ට ඇති අභියෝගාත්මක බලාපොරොත්තුවකි. එවැනි බලාපොරොත්තු යම් මට්ටමකට හෝ සාක්ෂාත් කර ගැනීම සඳහා උපදේශනයේ යෙදෙන්නන්ට පමණක් නොව උපදේශනය පිළිබඳ හදාරන්නන්ටත් මෙම කෘතිය මහඟු පිටිවහලක් වන බව නිසැකය.
ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රේමකුමාර ද සිල්වා
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.