Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
About this book

ලොක්කෝ ගෙන්නති

චොක්කෝ ඉල්ලති

පොඩ්ඩෝ හංගති

වැඩ්ඩෝ විකුණති

 

නොපෙනී නොපෙනී යති

පෙනි පෙනි පාවෙති

ජීවිත කුඩු වෙති

කුඩු ජීවත් වෙති.

පූසා මීයෙක් ඇල්ලූ විට අත්පුඩි ගසන අපේ එවුන්, පූසා ලේනෙක් ඇල්ලූ විට පූසාට අහුවෙන එකෙන් දමා ගසති. පූසාගේ පස්සෙන් පන්නති. උගේ දත් ගලවන්නට යති. එලොව ගිය ලේනාගේ මළකුණ අත්ල තබාගෙන පැන් වඩති. වෙනසකට ඇත්තේ මීයාට නැති නැට්ටේ මවිල් ලේනාට ඇති එකය. නැට්ටේ මවිල් තිබුණා නම් මේ කොලු රංචුවලටත් මීට වඩා වෙනස් කලදසාවක් ගතවන්නට තිබුණි.

 

ISBN
9786246446437
පිටු ගණන (Pages)
109
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 2
  1. හෙට විසඳෙන රටේ ප්‍රශ්න ගණනාවක පෙරනිමිති.
    කුඩු අමර නම් හරිම පව්...ලංකාවේ පවතින කුඩු ප්‍රශ්නය පමණක් නොව අවධානය යොමු වියයුතු, විසඳිය යුතු ගැටලු ගණනාවක් හෙළි කරන පොතක්. නාඹර දරුවන් සිටින අම්මලා කියවිය යුතුමයි.
    චතුරංග ·
  2. හෙරොයින් සහ මානසික අක්‍රමිකතා
    ආකර්ශනීය ලිඛිතකරණයක්. වෙලාවකට හිනත් යනව. කියන්න ඕනටික නිර්භීතව කියලා තියෙනව. ගහන්න ඕන තැනට රිදෙන්න ගහලා තියෙනවා. එක හුස්මට කියෙව්වා....
    චතුරංග ·
Write a review

You're reviewing: කුඩු අමර

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.