මරණය පිළිබඳ විද්‍යාව හෙවත් තිබ්බත මළපොත
සිදු වන බව නිශ්චය වශයෙන්ම කිවහැකි සිද්ධියක් අපගේ ජීවිතවල ඇතොත් ඒ මරණය පමණි. එබැවින් එය ජීවිතයේ අන් හැම සිදුවීමකට ම වඩා වැදගත් වේ. මුළු ජීවිතය පුරා ම අප උත්සාහ කරන්නේ මරණයෙන් බේරීමටය.අපගේ සෑම ක්‍රියාවක්ම ගොඩනැඟී ඇත්තේ මරණය කේන්ද්‍ර කොටගෙන ය. එහෙත් කොතෙක් උත්සාහ කළ ද මරණයෙන් බේරීම නම් අපට කෙසේවත් කළ නො හැක. එසේ වුවත් අප කිසිවක් නො දන්නේ ද මරණය ගැන ම ය. උපන් හැම දෙනා ම මරණය උරුමකොට ගෙන එන නිසා, සෑම දෙනා ම මරණයට නියත වන නිසා මරණය පිළිබඳ ව කරුණු දැන සිටීම ඉතා වැදගත් ය. එබැවින් උපන් සියල්ලන් විසින් ම, එනම්, මරණයට නියත ව සිටින සියල්ලන් විසින් ම අන් කවර පොතක් නො කියවුව ද, කියවිය යුතු එක ම පොත නම් මරණය හා ඉන් පසු අපට සිදු වන දෑ ඉතා පැහැදිලි ව විස්තර කෙරෙන තිබ්බත මළපොත' ය යි සිතේ.
"ජීවිත සිද්ධීන් සිහිනයකට සමාන කළ හැකි ය.සොල්මනකට,දියබුබුලකට,හෙවනැල්ලකට,දිලිසෙන පිනි බුබුලකට හෝ ප්‍රභාස්වර විදුලි ධාරාවකට සමාන කළ හැකි ය. ඒවා පිළිබඳ ව භාවනා කළ යුත්තේ එපරිද්දෙනි ”
බුදුන්වහන්සේ
"ඔබගේ මනසේ තියුණු ස්වභාවය නැති වන්නට පෙර, වේදනාව විසින් ඔබ වෙළාගනු ලැබීමට පෙර, ඔබ අනතුරට පත් වීමට පෙර සත්‍යාවබෝධය සඳහා වෙර දරන්න.”
කුලාර්ණව තන්ත්‍රය, 1, 27.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.