Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / මාරි කියුරි

මාරි කියුරි

About this book

ලොව මාරි කියුරි හඳුනා ගන්නේ රේඩියම් සොයා ගත් විඥවරිය ලෙසිනි. ඇත්තෙන්ම රේඩියම් සොයා ගැනීම විද්‍යාවේ එතෙක් පැවති නිම් වළලු ඉමහත් සේ පුළුල් කිරිමකි. මෙතෙක් නිශ්චිත ප්‍රතිකාරයක් සොයා ගත නොහැකිව ඇති පිළිකා රෝගය සමහර තත්වයන් යටතේ සුව කිරීමටත් පාලනය කිරීමටත් රේඩියම් ප්‍රතිකාර ක්‍රමයක් බිහි වූයේ එම සොයා ගැනීම නිසාය. ඒ මාරි කියුරි නම් ශ්‍රේෂ්ඨ විද්‍යඥවරිය මානව වර්ගයාට කළ එක දායාදයක් පමණි.

ඇය තම ශික්ෂණය බුද්ධිය හා දැනුම ධනය හෝ කීර්තිය පුද්ගල අභිමතාර්ථය සඳහා යොදා ගැනීම තරයේම ප්‍රතික්ෂේප කළාය. මහත් ධන උල්පතක් බවට පත් කළ හැකි වූ රේඩියම් වෙන් කර ගැනීමේ ක්‍රියාවලිය සඳහා පේටන්ට් අයිතිය ලබා ගැනීමට එම පරීක්ෂණයේ මෙන්ම ජීව්තයේ සහකරුවා වූ පියරි කියුරි යෝජනා කළ විට ඇය එය බැහැර කළාය. විද්‍යා දැනුම කිසි විටෙකත් පෞද්ගලිකව අයිති කර නොගත යුතු පොදු දේපොළක් බව ඇය තරයේ විශ්වාස කළාය. තමා ගේ සහ තම සැමියා ගේ සොයා ගැනිම ඔවුන් ගත කළ අගහිග කමින් පිරුණු ජීවිතයෙන් ගොඩ ඒමට ඉණිමගක් කර ගැනීමට ඇය සිතුවේ

නැත.

ඇය වැනි ම ලෝ ප්‍රකට විඥයෙකු වන ඇල්බර්ට් අයිස්ටයින් ඇය හැඳින් වූයේ මෙසේය. ‘’සියලු ප්‍රකට පුද්ගලයන් අතුරෙන් ප්‍රසිද්ධියෙන් උදම් නොවු එකම පුද්ගලයා මාරි කියුරිය. අපිස් සහජ එමෙන්ම තම පුදුමාකාර ඉරණම ගැන කොහෙත්ම නොදත් ඇය තම ජීවිතය තුළ අමුත්තෙකු සේ සැරි සැරුවාය.”

ISBN
9786245664825
පිටු ගණන (Pages)
158
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: මාරි කියුරි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.