Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / මාර්ටින් වික්‍රමසිංහගේ සාහිත්‍ය විචාර වාග් කෝෂය

මාර්ටින් වික්‍රමසිංහගේ සාහිත්‍ය විචාර වාග් කෝෂය

About this book

විසිවන සියවසේ පහළ වූ ශ්‍රේෂ්ඨ සාහිත්‍යධරයෙකු වූ මාර්ටින් වික්‍රමසිංහ සාහිත්‍ය සේවනය වෙත ජනයා යොමු වූ අතර නිර්මාණාත්මක කෘතිවලට අමතර ව විචාරාත්මක නිබන්ධන ද ජනතාව වෙත පිරිනැමුයේ ය. එමගින් සාහිත්‍යාස්වාදනය කරන ජනයා ප්‍රබෝධමත් කරමින් සිංහල සාහිත්‍යයෙහි අභ්‍යුදය සඳහා නව ජීවයක් ලබා දුන්නේ ය. 'මාර්ටින් වික්‍රමසිංහයන්ගේ සම්භාව්‍ය සිංහල පද්‍ය සාහිත්‍ය විචාරය' යනුවෙන් ග්‍රන්ථයක් පාඨක ජනයා වෙත යොමු කළ කථිකාචාර්ය නදීකා සඳමාලි පීරිස් මහත්මිය මෙවර විචාර ක්‍ෂේත්‍රය පිළිබඳ ව පාඨක ජනතාවගේ දැනුම තවදුරටත් වර්ධනය කරන වැදගත් කර්තව්‍යයකට යොමු වී ඇත. වික්‍රමසිංහයන් සිය විචාර කෘතිවල දී සාකච්ඡාවට භාජන කළ සංකල්ප හා න්‍යායාත්මක වචන සමුදායෙන් පාඨකයන්ට ප්‍රයෝජනවත් විය හැකි සුලබ වූත් දුලබ වූත් වචන එක් රැස් කොට, ඒවා පැහැදිලි කෙරෙන පරිදි වික්‍රමසිංහ විචාර වාග් කෝෂයක් සම්පාදනය කිරීම ඒ වැදගත් කාර්යය යි. සාහිත්‍ය සේවනයේ හා විචාරයේ යෙදෙන පාඨක ජනතාවට මේ කෘතියෙන් මහඟු ප්‍රයෝජනයක් ලබා ගත හැකි වනු ඇත. සිංහල පිළිබඳ ප්‍රථම පන්තියේ විශේෂ ශාස්ත්‍රවේදී උපාධියක් ද දර්ශනපති උපාධියක් ද හිමි කතුවරියගේ මෙම ප්‍රයත්නය නිසා වික්‍රමසිංහ විචාරය තව තවත් පාඨක ජනයා අතර ප්‍රචලිත වීමට හා බෙහෙවින් සමාජගත වීමට මහත් පිටුබලයක් වනු ඇත.

සම්මානිත මහාචාර්ය

රෝහිණී පරණවිතාන

සිංහල අංශය

කොළඹ විශ්වවිද්‍යාලය

ISBN
9789553130815
පිටු ගණන (Pages)
136
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: මාර්ටින් වික්‍රමසිංහගේ සාහිත්‍ය විචාර වාග් කෝෂය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.