Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / මරු කතරේ පිපෙන මලක්

මරු කතරේ පිපෙන මලක්

About this book

විශ්වාස කරන්නැයි සිතට බලපෑම් කරන මිහිරි වදන්, කන පිනවන කතා, සොඳුරු සිතුවිලි, නන්දනීය සිදුවීම් එමටයි. එහෙත් ඒවා යථාර්ථයෙන් තොරයැයි දැනෙන්නේ, මිනිසාට විඳින්නට හෝ මුහුණ දෙන්නට සිදු වන අසීමිත දුක්, කටුක වේදනා දිග හැරෙන විටය. විටෙක ඒ දුක් අඳුර මිනිස් සිත දැඩිව තලා පෙලා පොඩි කර දැමීමට තරම් සහාසික වන බව මේ, “මරු කතරේ පිපෙන මලක්” කියවීමේදී පළමුව හදවත කම්පා කරවන්නට පටන් ගනී.

පෙර යොවුන් වියේ සිට නොව ළමා වියේදී, ඉනික්බිති තරුණ වියේදීත්, “මරු කතරේ පිපෙන මලක්” කතානායකයා ජීවිතයට මුහුණ දෙන දඩබ්බර ගති ස්වභාවය, ඔහු වෙත සම්ප්‍රේෂණය කළේ, ඔවුන් කෙසේදැයි සිතා බලන්නට, කතුවරයා දක්වන ආකල්ප, සංකල්ප වෙත විකල්ප පාඨකයෙක් ශෝකයෙන් සසල කරවන්නේය.

රොහාන්ගේ මේ පළමු නිර්මාණයයි. උසස් ගින්නකින් ඇරඹුව ජීවිතය වේදනාවෙන්ම සිසිල් දිය බිඳක සුවයට සමීප වන්නේ, මිනිස් ස්වභාවයේ විශ්වාසනීයත්වයට මං පාදමිනි.

කතුවරයාණෙනි, ඔබේ ලේඛණයේ සීමාවන් තුල ඔබ සාර්ථකය. පන්හිඳ ඉවත නොලන්න. ජය පතමි!

ISBN
9786245726189
පිටු ගණන (Pages)
72
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: මරු කතරේ පිපෙන මලක්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.