Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / මිහිකතගේ දරුවෙක්

මිහිකතගේ දරුවෙක්

About this book

"අම්මා හෝ තාත්තා ආදරේ වැඩි නිසා සමහර වෙලාවට වැරැදිවලින් වළක්වා ගන්න දුලා පුතාලාට බණිනවා; එවිට දූලා පුතාලාත් දුකට පත් වෙනවා තමයි. ඒත් බැණුම් ඇසූ දූ දරුවන්ටත් වඩා අවසානයේ ඒ ගැන දුකට පත්වන්නේ දෙමවුපියන්මයි.”

1999 වසරේ සිට මේ දක්වා වසර 20ක කාලයක් පුරා විද්වත්, සහෘද ඇගැයුමට ලක් වූ ශාස්ත්‍රීය පර්යේෂණාත්මක, විචාරාත්මක නිර්මාණාත්මක ග්‍රන්ථ 14ක් ලියා පළ කළ ආචාර්ය නුවන් නයනජිත් කුමාරයන්ගේ 15 වැනි ග්‍රන්ථය වන "මිහිකතගේ දරුවෙක්” ඔහුගේ දෙවැනි ළමා සාහිත්‍ය කෘතිය වේ. මේ වූ කලී ලේඛකයා ස්වකීය ළමා කාලයේ මුහුණපෑ සත්‍ය සිදුවීමක් ඇසුරෙන් ලියූ ළමා කතාවකි. දෙමවුපියන්ගේ, වැඩිහිටියන්ගේ සහ දූ දරුවන්ගේ ලෝක දෙකෙහි වෙනසක්, එහි යහපත්, අන්‍යෝන්‍ය, සමීප සබඳතාව ශක්තිමත් කිරීම උදෙසා එකිනෙකා සංවේදීතාවෙන් අවබෝධ කර ගත යුතු ආකාරයත් දූ දරුවන්ගේ සිතෙහි ගොඩනැගෙන දැහැමි, විනයානුකූල යහපත් පෞරුෂත්වය ඔස්සේ වැඩිහිටි ලෝකයේ අභියෝග ඔවුන්ට ජය ගත හැකි වන ආකාරයත් මෙරට සිංහල බෞද්ධ මහා සභ්‍යත්වයට ප්‍රමුඛත්වය ලබා දෙන අතර අන්‍ය ජන වර්ගවලට, ආගම්වලට එක සේ ගරු කොට ඔවුන් හා සමගියෙන්, සහජීවනයෙන් අනුකලනයෙන් ජීවත්වීමේ වැදගත්කම පිළිබඳවත් මේ ළමා කතාවෙන් ළමා, වැඩිහිටි දෙපරපුරටමැ ඉඟි කෙරේ.

ISBN
9789553116666
පිටු ගණන (Pages)
14
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: මිහිකතගේ දරුවෙක්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.