Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / මිනිසුන් අතර - ස්වයං චරිතාපදානය 2

මිනිසුන් අතර - ස්වයං චරිතාපදානය 2 Hard Bind

About this book

සෝවියට් සාහිත්‍යයේ ආරම්භකයා ලෙස ගැනෙන මක්සිම් ගෝර්කි (1868-1936) මේ කතාව ලියුවේ 1914 දී ය. ඔහු තම ජීවිතය ගැනත්, අසීරු ගැටවර කාලය ගැනත් විස්තර කරයි.

කුඩාකල දී ම දෙමාපියන් නැතිව ගියෙන් අලෝෂා පෙෂ්කෝව්ට 'පිට මිනිසුන් අතර ජීවත් වීමට සිදු විය. සපත්තු වෙළෙඳ හලෙක ඔහු ආවතේව කරුවකු ලෙස වැඩ කරයි. නෑ ගෙදරක ඔහු සැලැසුම් ඇඳීමට' ඉගෙන ගන්නේ නින්දා අපහාසවලට භාජන වෙමිනි. වොල්ගා ගංගා තරණ නැවක පිඟන් සෝදන්නකු ලෙස ද, දේවරූප අඳින වැඩපොළක ද සේවය කරයි.

පැරැණි සාර් රුසියාවේ ජනතාව ඉතා බර වැඩ කරමින්, දුගී දුකට වැටී සිටින සැටි පෙෂ්කෝව් හැම තැන ම දකී. මේ නිර්දය ජීවිතය නිසා දහහතර හැවරිදි ගැටවරයා මුග්ධ සහ නපුරු මිනිසුන් මුණ ගැසුණා පමණක් නොව, දීප්තිමත් හැඟීම් සහ පවිත්‍ර චින්තන සහිත යහපත් මිනිසුන් ද මුණ ගැසෙයි. පරිසරය නැරැඹීමටත්, එයට ඇලුම් කිරීමටත්, පොත් සහ දැනීම අගය කිරීමටත් උගන්වන ඔවුහු ඉගෙන ගැනීමට ඔහුගේ ඇති ආසාව පුබුදුවාලූහ.

මක්සිම් ගෝර්කිගේ චරිත කතාව කොටස් තුනකින් යුක්ත ය. 'මිනිසුන් අතර’ මේ තුන් ඈඳුතු කතාවේ දෙවැන්න ය. 'ළමාවිය', 'මිනිසුන් අතර' සහ 'මගේ සරසවි’ යන නම්වලින් එය සිංහලෙන් පළ වෙයි.

Details
ISBN
9786245937295
පිටු ගණන (Pages)
477
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: මිනිසුන් අතර - ස්වයං චරිතාපදානය 2

Reviews are published once a member of our team has read them.