Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ම්ලේච්ජයෝ එනතුරු

ම්ලේච්ජයෝ එනතුරු

About this book

ජෝන් මැක්ස්වෙල් කොඑට්සි දකුණු අප්‍රිකානු ලේඛකයෙකු සහ බුද්ධිමතෙකි. ඔහු නවකතාකරුවෙකු, සාහිත්‍ය විචාරකයෙකු මෙන්ම පරිවර්තකයෙකුද වේ. බුකර් ත්‍යාගයෙන් දෙවරක් පිදුම් ලද ඔහු 2003 වසරේදී සාහිත්‍යය පිළිබඳ නොබෙල් ත්‍යාගයෙන් පිදුම් ලැබීය.

1980 දී ප්‍රකාශයට පත් කරන ලද ඔහු විසින් රචිත 'ම්ලේච්ඡයෝ එනතුරු' යථාර්ථවාදී රීතියෙන් යුතු දේශපාලන මනෝ විද්‍යාත්මක දෘෂ්ටාන්තයකි. දහනව වන සියවසේ අග භාගය සහ විසි වන සියවසේ මුල් භාගය පසුබිම් කොටගෙන ලියැවුණා යැයි සැළකිය හැකි එය, මනඃකල්පිත අධිරාජ්‍යයක දේශ සීමා නගරයක් පසුබිම් කරගනිමින් දිග හැරෙයි. නිර්නාමික මහලු මහේස්ත්‍රාත්, පොලිස් කර්නල් ජෝල්, බලලත් නිලධාරී මැන්ඩෙල් සහ නිර්නාමික තරුණ ම්ලේච්ඡ ගැහැනියක් එහි ප්‍රධාන චරිතයෝ වෙති. එය මානව වටිනාකම්, පුද්ගලික සහ සමාජ බලය, ලිංගිකත්වය, ප්‍රචණ්ඩත්වය, යහපත සහ අයහපත, ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය, යටත්විජිතවාදය, යුද්ධය, වර්ගවාදය, කෲරත්වය, වධහිංසාව, නීතියේ ආධිපත්‍යය, ආරාජිකවාදය, චරණශෝධවාදය මෙන්ම දේශසීමා සහ පුරෝගාමී ජීවිතය සිය විෂය කර ගනියි. එසේම එය යටත්විජිත දේශ සීමා නගරයක වෙසෙමින් වයස්ගතවන මහේස්ත්‍රාත්වරයෙකු විසින් අධිරාජ්‍ය ආණ්ඩුවක ආක්‍රමණත්වයට, මිලේච්ඡත්වයට සහ වර්ගවාදයට එරෙහිව කරනු ලබන අසීරු අරගලයක් පිළිබඳ සිත් සසල කරවනසුළු ශෝකජනක සහ භාවනාමය වෘත්තාන්තයකි.

ISBN
9789551559601
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ම්ලේච්ජයෝ එනතුරු

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.