මුළාවේ තුරුම්පුව
එවී පොටර් යනු රයන් සම්නර්ගේආදරණීය පෙම්වතියයි.එහෙත් ඒ ඇගේ සැබෑඅනන්‍යතාවයනොවේ.රයන් යනු, ඇගේ මීළඟ ඉලක්කය පමණි. සූක්ෂ්ම අයුරින් ගොඩනඟා ගන්නා ලද ව්‍යාජ පැවැත්මක් තුළ ජීවත්වෙමින්, රහසිගත සංවිධානයකට සම්බන්ධව කටයුතු කරන ඇගේ ලෝකය හදිසියේම උඩු-යටිකුරු වන්නේ, කිසිදා හෙළි නොවනු ඇතැයි සිතූ අතීතයේ සෙවණැලි තමා ලුහුබඳින්නට පටන්ගත් විටය.
තමාගේ සැබෑ අනන්‍යතාවය හදිසියේම තමා හමුවේ පෙනීසිටි විට, දඩයක්කාරියක යැයි සිතා සිටි තමා, දඩයම බවට පත් වී ඇති බැව් හෙළි වූ විට, එවී පොටර්ගේ ඉරණම කුමක් වනු ඇතිද? මින් ඉදිරියට ඇය කළ යුත්තේ කුමක්ද? ඇය සැලසුම් කළ යුතුය; උගුලෙන් පලා යාමට නොව, දඩයක්කාරයා දඩයම බවට පත්කළ හැකි පෙරළිකාර ක්‍රමවේදයක් සොයාගත යුතුය.
මේ, උද්වේගයෙන් හා කුතුහලයෙන් පිරුණු ඇගේ ඒ අත්දැකීමයි!
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.