Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / 20 Percent Discount / මුතු රළ මත

මුතු රළ මත

About this book

ඉතාලියේ වෙරෝනා නුවර දී උපත ලද එමීලියො සල්ගාරි (1862 - 1911) තොරීනෝ නුවර දී මිය ගියේ ය. එම කෙටි ක ජීවිත කාලය තුළ, ත්‍රාසජනක වූ ද ආකර්ෂණීය වූ ද කතා සහ ලුහුඬු ප්‍රබන්ධ සිය ගණනක් පාඨකයාට,
විශේෂයෙන්ම ළමා සහ නවයොවුන් පරපුරට තිළිණ කළ හෙතෙම ජනප්‍රිය ලේඛකයකු ද පුවත්පත් කලාවේදියකු ද වී ය. කිසිම දිනෙක සිය මව්බිමෙන් පිටත යාමට වරම් නොලද බව කියන මේ ගත්කරු සිය මනසින් මුලු ලොව පුරා සැරිසරමින් විවිධ දේශ ද ජනතාව ද පසුබිම් කැරගත් විචිත්‍ර රූපකවලට පණ පොවන්නට හැබෑ දක්ෂයකු වී ය. ‘මුතු රළ මත’ ප්‍රබන්ධය ගලා යන්නේ ඉන්දීය සයුරෙන් වට වූ සිංහලේ වෙරළත් අගනා මුතු පරවලින් ගහණ වූ මන්නාරම් පෙදෙසත් ඒ හා බැඳුණු විශාල ආර්ථික පිබිදුමත් පසුබිම් කැර ගනිමින් ය. අමල් සහ මයිසෝරා ගේ කතාව ඇරැඹෙන්නේ දහනව වන සියවස මුල් කාලයේ උතුරු සිංහලේ සංස්කෘතික, ආගමික සහ සමාජීය හැඩතලවලින් විචිත්‍ර වූ වේදිකාවක් මත ය. එකිනෙකාට සතුරු වූ පවුල් දෙකක යොවුන් හදවත් තුළ පිබිදුණු ආදර අන්දරයක් හුදු ආත්මාර්ථය අභිභවා විනාශයට පත්වෙමින් තිබූ දේශයක් ද සමාජයක් ද ඉන් මුදාගැනීමට දායක වූ අන්දම මේ පබඳෙහි තේමාව යි. එමීලියො සල්ගාරි මේ කතාවෙන් අපට කියන්නේ ආදරය වෛරයට වඩා බලවත් බව යි.

ISBN
9786245578801
පිටු ගණන (Pages)
339
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: මුතු රළ මත

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.