Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / මූදු පුත්තු

මූදු පුත්තු

About this book

මගේ අම්මාගේ උපන්ගම දෙවිනුවර. මසකට සැරයක් වත් ගම බලා යාම ඇගේ ජීවන චක්‍රයේ කොටසක් වුනා. පැය පහක් තිස්සේ, මුහුදු බඩ මාර්ගයේ යන වෙහෙසකාරී ගමනට මගේ කැමත්තක් තිබුනේම නැ. ඒත් මිරිස්සට ළඟා වෙනකොට මට පුදුමාකාර නිස්කලංකයක් දැනෙනවා. ඒ මුහුද නිසා.

ඉර බැහැගෙන යන ඒ දසුන සෝලියස් මැන්දිස් මහත්මයා ඇදපු සිතුවමක් වගේ. මට තාම මතකයි ඒ වර්ණාවලිය. දියඹේ පාවෙන පොඩි පොඩි ඔරුවල හුරුබුහුටි බව ටිකකින් කරුවල වැටුනම, ඒ ඔරු වල දිස්නේ ගහන මූදූ ලාම්පු, මන් පහුකරගෙන යන්නේ දිව්‍යලෝකයක් නේද කියලා හිතුනා.

ගමට ලංවෙනකොට මට කිරි අම්මාගේ අලගොඩු හොද්දෙයි, කොස් මැල්ලුමෙයි සුවඳ දැනෙන්න ගන්නවා. කිරි අම්මාගේ කුඩා නිවස තියෙන්නෙ මුහුදට මායිම්ව ප්‍රදීපාගාරය පෙනෙන දුරින්. මූදුරැළි වල කිමිදුනු ප්‍රදීපාගාර එළි කියන්නේ වෙනම ලෝකයක්. ඒ එළියෙන් තමා මූදු පුත්තු අස්වැන්න නෙලාගන්න දියඹට ඇදෙන්නේ.

අපේ කිරි අම්මාටත් හිටියා මූදූ පුත්තු. අද ඒ මූදු පුත්තුත් නෑ, කිරි අම්මත් නෑ. මාව බලෙන් ගමේ එක්කන් ගිය අපේ අම්මාත් නෑ.

ඒත් මේ මතක සජ්ඣායනාව නිම වෙන පාටකුත් නැ.!!!

ක්‍රිෂා විමලසේන

Details
ISBN
9786246753009
පිටු ගණන (Pages)
200
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 1
  1. අපූරු පොතක්..
    කොහු කර්මාන්තය ආශ්‍රිතව ලියවිලා තියෙන,හොඳ ගලායෑමක් තියෙන අපූරු පොතක්...පසු ග්‍රන්ථයක් තියෙන නිසා ,දැනුමකුත් ලබාගත්තා
    Achini Wjemanna ·
Write a review

You're reviewing: මූදු පුත්තු

Reviews are published once a member of our team has read them.