Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නාද සිත්තම්

නාද සිත්තම්

About this book

ප්‍රතිභා පූර්ණ සංගීතඥයකු වීම එකකි. එම විෂය පිළිබඳ ව බුද්ධිමත් ව විශ්ලේෂණාත්මක ව සාකච්ඡා කිරීමේ හැකියාව ලැබීම තවෙකකි. මේ දෙක එක් ව පිහිටනුයේ කලාතුරකිනි. අමරදේවයන් තුළ මේ දුර්ලභ සංයෝගය මැනවින් පිහිටියේ වෙයි. අග්‍රගණ්‍ය සංගීතඥයකු වන තරමට ම හේ සංගීතය පිළිබඳ බොහෝ ඇසූ පිරූ තැන් ඇත්තෙක් ද වේ. සංගීතය සම්බන්ධ හුදු ප්‍රයුක්ජන කාර්යයෙන් නොනැවතී ඒ පිළිබඳ ව ආවර්ජනා කරන්නෙක් ද, දාර්ශනික ඇසින් විමසන්නෙක් ද වේ. දහස් ගණන් විදග්ධ රසිකයනට උත්තරීතර රසාස්වාදයක් ලබා දීමේ කුසලතාව මතු නොව, තදාස්වාදය කෙබන්දක් ද යන්න ගැන අන්තර්ඥානයෙන් විවිසීමේ නුවණත්, එම විවිසීමේ ප්‍රතිඵල පාඨකයන් හමුවේ තැබීමේ වාග්පටුත්වයත් අමරදේවයන් කෙරෙහි සැබැවින් ම පිහිටියේ ය. පෙරදිග සංගීතය මෙන් ම අපරදිග සංගීතය ද ඔවුන්ට පරිචිත විෂයකි.

දශක ගණනාවක් තුළ රසික සිත් පෙබයූ මේ අසහාය ගාන්ධර්වයාණෝ "නාද සිත්තම්" තුළින් ස්වකීය අත්දැකීම්, අදහස් හා දර්ශනය රසිකයන් අබියස තබත්. අමර ගී සර පරිද්දෙන් ම මෙය ද රසික පාඨක ජනයා ආදරයෙන් පිළිගනිතැයි විශ්වාස කරමි.

මහාචාර්ය හේමපාල විජයවර්ධන

ISBN
9789556776942
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: නාද සිත්තම්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.