Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / නැති වුණු වස්තුව

නැති වුණු වස්තුව

About this book

චිංගීස් අයිත්මාතව්ගේ නවකතාවල එන චරිත තුළින් සෝවියට් ආණ්ඩු බලය පිහිටුවීමෙන් පසු මැද ආසියාවේ ඇති වූ පර්වර්තය ගැනද නව අවස්ථා ගැනද මෑතක් වන තුරු වැඩ වසම් හා රදළ ක්‍රමයට අයත් වහල් සිරිත්වලට යට වී සිටි මිනිසුන් ඒවාට එදිරිව නැගී සිට පෙන්වූ ආධ්‍යාත්මික බලය ගැනද කියාපායි.

‍

කිර්ගීස් සාහිත්‍යයේද සෝවියට් රටේ අනිකුත් ජාතීන්ගේ සාහිත්‍යයේද වෙනත් කලා ශිල්පවලද උසස්තම අංගයන් චිංගීස් අයිත්මාතව් උකහා ගත් බව ඔහුගේ නවකතාවලින් පෙනේ.

චිංගීස් අයිත්මාතව්ගේ නිර්මාණාත්මක සාහිත්‍ය කෘතීන් ගැන ඔහු උපන් රට තුළ බොහෝ දෙනා විවාද කළද ඔහුගේ නවකතා ගැන කිසිවෙක් උදාසීනත්වයක් නොදක්වති. ඔහුගේ කලාත්මක ලේඛකත්වය සමකාලීනය. මෙතෙක් කිර්ගීස් ගත්කරුවන් ආදරය කළ සීමාවන් බිඳගෙන නිර්භය ලෙස ඉදිරියට යාමෙන් අයිත්මාතව් පෙන්වූ ආදර්ශය අද විශේෂයෙන්ම තරුණ ලේඛක පරපුරේ ප්‍රසාදයට ලක් වී තිබේ.

ISBN
9789550983410
පිටු ගණන (Pages)
135
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: නැති වුණු වස්තුව

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.