නාට්‍ය හා රංගකලා ප්‍රවේශය
නාට්‍ය හා රංගකලාව පිළිබඳ ව පොත් පත් විශාල ප්‍රමාණයක් ලියැවෙයි. ඒවායෙන් බොහොමයක් සූක්ෂ්ම දෘෂ්ටීන් ගෙන් ද, අතිවිශිෂ්ට න්‍යායයන් ගෙන් ද, නාට්‍යවල අර්ථ හා ව්‍යුහය පිළිබඳ පැහැදිලි විස්තර ලබා දෙන සොයාගැනීම්වලින් ද සරුසාර ය. එහෙත් එක් මූලික ගැටලුවක් සුපුරුදු ලෙස තව දුරටත් විවෘත ව පවතී: කලාව පිළිබඳ ව උනන්දුවක් ඇති උදවිය, වෙනත් සන්නිවේදන මාධ්‍යයන් වෙත නො ගොස්, නාට්‍යකලාව ම උපයෝගී කැර ගත්තේ කවර හේතුවක් කරණ කොට ගෙන ද? රංගකලා ආකෘතියේ යටින් දිවෙන මූලික ස්වභාවය කවරක් ද? මානව සන්නිවේදනයේ අන් කවර හෝ මාධ්‍යයකට වඩා හොඳින්, නාට්‍යකලාවෙන් ප්‍රකාශ කළ හැක්කේ කවර දෙයක් ද යන ප්‍රශ්න ඒ ගැටලුවට අයත් වෙයි.
මේ කෘතියෙහි දී මා වැර දරා ඇත්තේ මේ ගැටලුවට පිළිතුරු සෙවීමට ය. නාට්‍යකලාව පිළිබඳ ව උනන්දුවක් දක්වන විචාරකයකු හා විද්වතකු ලෙස මගේ කාර්යය මගින්, මා වඩාත් සමීප වූ සෞන්දර්යවේදය පිළිබඳ න්‍යායයන් ගෙන් හා ක්‍රමවේදවලින්, මගේ මනස නිදහස් ව තබා ගැනීමට මේ කෘතිය ලිවීමේ දී මා උත්සාහ දරා ඇත. එවැනි දැයින් ආභාසය ලබනවා වෙනුවට නාට්‍ය අධ්‍යක්ෂවරයකු ලෙස මා ලැබූ ප්‍රායෝගික අත්දැකීම්වලින්, මට සිදු කළ හැකි තාක් දුරකට ආභාසය ලැබීමට මම උත්සාහ දැරීමි.
- මාර්ටින් එස්ලින්
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.