නවසීලන්තයේ සුදු කපුටා

Special Price රු. 630.00 Regular Price රු. 700.00
In stock
SKU
nawaseelanthaye-sudu-kaputa-sam-nambukara-gamage-kathru

විප්‍රවාසී බොහෝ ශ්‍රී ලාංකිකයන්ගේ පරම අපේක්‍ෂාව වන්නේ මුදල ඉපයීම පමණි. ඔවුනට සංස්කෘතික ජීවිතයක් නැත.

එහෙත් සමරසිරි නම්බුකාර ගමගේ ශ්‍රී ලංකාවේත් - නවසීලන්තයේත් ද්විත්ව පුරවැසියෙකි. දීර්ඝ කාලයක් ඔහු නවසීලන්තයේ විසුවේය. එහෙත් හෙතෙම අපේ සංස්කෘතිය තරයේ වැළඳ ගත්තෙකි.

'නවසීලන්තයේ ථෙරවාදී බුදුදහම ස්ථාපිත වීම' පිළිබඳ ග්‍රන්ථයක්ද, 'බුදු දම සහ බෞද්ධ දර්ශනය', 'බව ගමනක යතිවර සටහන්', ඇතුළු ග්‍රන්ථ දහයකට ආසන්න සංඛ්‍යාවක් සමරසිරි නම්බුකාර ගමගේ දැනටමත් සම්පාදනය කර ඇත.

'අගනුවර කපුටෙක්' , රාජගිරිය ජාතික ආයුර්වේද රෝහලේ යන අමුතු නාමකරණයෙන් ලියූ කෘතිය එහි දුබලතා පිළිබඳ කැඩපතක් බඳුය. කපුටා යනු හැමදේම විපරමින් සොයන්නෙකි. එබැවින් නවසීලන්තයේ සැරිසරන්නේද කපුටෙකි. සුදු ජාතිකයන්ගේ රටක් නිසාදෝ ඒ කපුටාද සුදු කපුටෙකු කිරීමට සමරසිරි නම්බුකාර ගමගේ තීරණය කර ඇත.

ඔහුගේ අලුත්ම නිර්මාණය, උක්ත ග්‍රන්ථයේ දිගුවක් වැනි 'නවසීලන්තයේ සුදු කපුටා' සමාජ විචාරාත්මක ග්‍රන්ථයකි. මේ වූ කලී හුදු සාහිත්‍ය නිර්මාණයකට වඩා භාරදූර කාර්යයකි. විශේෂයෙන් විප්‍රවාසීව මෙබඳු නිර්මාණයක් කිරීම අති දුෂ්කර කාර්යයකි.

වෘත්තීයවේදියකු වන සමරසිරි නම්බුකාර ගමගේ ලේඛකයකු වශයෙන් දක්වන සමාජ විචාරයත්, භාෂා කුසලතාවයත්, ලේඛන නිපුණතාවයත්, පරිණතභාවයත් පාඨක, විචාරක කාගේත් අගැයීමට පාත්‍ර විය යුතුය.

Author සෑම් නම්බුකාර ගමගේ - Sam Nambukara Gamage (4)
Publisher කර්තෘ ප්‍රකාශන - Self Published (659)
More Information
ISBN 9786249717657
පිටු ගණන 218
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:නවසීලන්තයේ සුදු කපුටා
Back to Top