Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / නවසීලන්තයේ සුදු කපුටා

නවසීලන්තයේ සුදු කපුටා

About this book

විප්‍රවාසී බොහෝ ශ්‍රී ලාංකිකයන්ගේ පරම අපේක්‍ෂාව වන්නේ මුදල ඉපයීම පමණි. ඔවුනට සංස්කෘතික ජීවිතයක් නැත.

එහෙත් සමරසිරි නම්බුකාර ගමගේ ශ්‍රී ලංකාවේත් - නවසීලන්තයේත් ද්විත්ව පුරවැසියෙකි. දීර්ඝ කාලයක් ඔහු නවසීලන්තයේ විසුවේය. එහෙත් හෙතෙම අපේ සංස්කෘතිය තරයේ වැළඳ ගත්තෙකි.

'නවසීලන්තයේ ථෙරවාදී බුදුදහම ස්ථාපිත වීම' පිළිබඳ ග්‍රන්ථයක්ද, 'බුදු දම සහ බෞද්ධ දර්ශනය', 'බව ගමනක යතිවර සටහන්', ඇතුළු ග්‍රන්ථ දහයකට ආසන්න සංඛ්‍යාවක් සමරසිරි නම්බුකාර ගමගේ දැනටමත් සම්පාදනය කර ඇත.

'අගනුවර කපුටෙක්' , රාජගිරිය ජාතික ආයුර්වේද රෝහලේ යන අමුතු නාමකරණයෙන් ලියූ කෘතිය එහි දුබලතා පිළිබඳ කැඩපතක් බඳුය. කපුටා යනු හැමදේම විපරමින් සොයන්නෙකි. එබැවින් නවසීලන්තයේ සැරිසරන්නේද කපුටෙකි. සුදු ජාතිකයන්ගේ රටක් නිසාදෝ ඒ කපුටාද සුදු කපුටෙකු කිරීමට සමරසිරි නම්බුකාර ගමගේ තීරණය කර ඇත.

ඔහුගේ අලුත්ම නිර්මාණය, උක්ත ග්‍රන්ථයේ දිගුවක් වැනි 'නවසීලන්තයේ සුදු කපුටා' සමාජ විචාරාත්මක ග්‍රන්ථයකි. මේ වූ කලී හුදු සාහිත්‍ය නිර්මාණයකට වඩා භාරදූර කාර්යයකි. විශේෂයෙන් විප්‍රවාසීව මෙබඳු නිර්මාණයක් කිරීම අති දුෂ්කර කාර්යයකි.

වෘත්තීයවේදියකු වන සමරසිරි නම්බුකාර ගමගේ ලේඛකයකු වශයෙන් දක්වන සමාජ විචාරයත්, භාෂා කුසලතාවයත්, ලේඛන නිපුණතාවයත්, පරිණතභාවයත් පාඨක, විචාරක කාගේත් අගැයීමට පාත්‍ර විය යුතුය.

ISBN
9786249717657
පිටු ගණන (Pages)
218
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: නවසීලන්තයේ සුදු කපුටා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.