Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / නීල පෙරුමාල් පරම්පරාව සහ තම්බිමුදලිගේ උරුමය

නීල පෙරුමාල් පරම්පරාව සහ තම්බිමුදලිගේ උරුමය

ISBN
9789551468460
පිටු ගණන (Pages)
30
මුද්‍රණ තත්වය (Print)
දින 180ක් හෝ ඊට වැඩි කාලයක් තුල තොග ලැබී නැත.
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 1
  1. නීල පෙරුමාල් පරම්පරාව සහ තම්බිමුදලිගේ උරුමය - ජේම්ස් ටී. රත්නම් : ඔබගේ පවුලේ ඉතිහාසය දැනගන්න.
    ජේම්ස් ටී. රත්නම් යනු ශ්‍රී ලංකාවේ සිටි ප්‍රකට දෙමළ භාෂා පුවත් පත් කලා වේදියෙකි. ඉතිහාසඥයෙකි. පර්යේෂකයෙකි. ඔහුගේ ඉංග්‍රීසි බසින් රචිත ලේඛන ද ඉතාමත් ගුණාත්මක බවින් ප්‍රසිද්දය.

    ඔහු ශ්‍රී ලංකාවේ සම්මත විශ්ව විද්‍යාල අධ්‍යාපන ක්‍රමයෙන් බැහැරව බිහිවූ බුද්ධිමතෙකි.

    මෙරට ප්‍රභූ පවුල් වල අවාහ විවාහයන් හරහා දිවයින විවිධ ජාති සම්මිශ්‍රණයන් විග්‍රහ කිරීම ඔහුගේ ලේඛණවල විශේෂයෙන් දක්නට ලැබේ.

    ඇස්. ඩබ්ලිවු. ආර්. ඩී. බණ්ඩාරණායක පරම්පරාවේ දෙමළ මූලයන් විස්තර කරමින් ජේම්ස් ටී. රත්නම් ලියු "නීල පෙරුමාල් පරම්පරාව" නම් ලිපිය 1957 ජූලි 19 වෙනිදා "ට්‍රිබුයුන්" (Tribune) සඟරාවේ මුල්වරට පළ විය.

    ට්‍රිබියුන් සඟරාවේ මෙම ලිපිය, පාර්ලිමේන්තුවේදී ඇස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක අවමාණයට පත්කිරීමට ජේ. ආර්. ජයවර්ධන විසින් උපයෝගී කරගන්නා ලදී. ඒ සමගම ජේම්ස් ටී. රත්නම්, ජයවර්ධන පවුල පැවත එන්නේ 'තම්බි මුදලි' නම් මරක්කල මුලයකින් බව විස්තර කරමින් 'තම්බි මුදලිගේ උරුමය' නම් ලිපියකින් ලියා 1957 අගෝස්තු 30 වෙනිදා 'ට්‍රිබියුන්' සඟරාවේ පළ කළේය. ඊට පාදක කරගන්නා ලද්දේ, ජයවර්ධන පවුලේ මුල් පුරුකක් වූ හලාවත දොන් ඇඩ්රියන් ගැන 1830 මැයි 18 වෙනිදා සිලෝන් ගැසට් පත්‍රයේ පළ වූ ගුනකතනයකි.

    මේ, එලෙස ජයවර්ධන පවුලේ මුලය ගැන ජේම්ස් ටී. රත්නම් ලියු 'තම්බි මුදලිගේ උරුමය' නම් ලිපියේ හා ඇස්. ඩබ්ලිවු. ආර්. ඩී. බණ්ඩාරණායක පරම්පරාවේ දෙමළ මූලයන් විස්තර කරමින් ලියු "නීල පෙරුමාල් පරම්පරාව" ලිපි වල සිංහල පරිවර්තනයයි.

    පිටු 30 ක් වැනි කෙටි ලේඛනයක් වන මෙම පොත සැම ශ්‍රී ලාංකිකයකුම කියවිය යුතු පොතකි.

    මෙම ලිපි වැදගත් වන්නේ එමගින් ප්‍රජාතන්ත්‍රවාදය නම් සංකල්පයේ ප්‍රයෝගිකත්වය සමාජයේ පිහිටුවන අතර මිනිසාගේ කතා කිරීමේ නිදහසද නිරුපණය වන නිසාවෙනි.

    තවද ශ්‍රී ලංකාව වැනි බහුවාර්ගික රටකට අවශ්‍යය වන සමගිය හා සමානාත්මතාවය මෙම ලිපි මගින් නිරුපනය වීමයි.

    සරළව මිනිසා එසේ දෙමළකු, මුසල්මානුවකු, බර්ගර්කරයකු, ක්රිස්තියනිකරයෙකු හෝ සිංහලයකු ලෙස අනවශ්‍ය ගෝත්‍රවාදී මානසිකත්වයන් ගෙන් මිදී තම රටේ ආර්ථිකයේ, සමාජයේ, සංස්කෘතියේ, නීතිමය පරිසරයේ, තාක්ෂණික පරිසරයේ, ස්වභාවධර්මයේ හා දේශපාලනික දියුණුව හා යහපැවැත්මට කටයුතු කළ යුතු බව මීන් නිරුපිතයි.

    තවද අන් අය වර්ගිකරණයට පෙර තම පවුලේ මුලයන් දැන සිටීම මගින් අනවශ්‍ය දේශපාලනික වාසි නොතකා තම දේශපාලනික මෙන්ම පෞද්ගලික අරමුණු ඉෂ්ට කරගැනීමට යොමු වීමට මෙම ලිපි දෙක කියවන්නාව යොමු කරයි.

    තවද මෙම පරම්පරාවේ පැවැත්ම හා දේශපාලන භාවිතය ආචාර්ය මිරැන්ඩෝ ඔබේසේකර ගේ "ජන උරුමය" (සම්භාව්‍ය පර්යේෂණ සටහන් 10 ක්) (2014, ප්‍රථම මුද්‍රණය) ඇති "බණ්ඩාරනායක පවුලේ දේශපාලන උරුමය" නම් පස් වන ලිපියෙන් තහවුරු කරගැනීමට මම යොමු වුනෙමි.

    එමනිසා මෙම ජේම්ස් ටී. රත්නම් ගේ ලිපි මගින් සත්‍ය නිරුපණය වේ.
    Dimantha ·
Write a review
Write a review

You're reviewing: නීල පෙරුමාල් පරම්පරාව සහ තම්බිමුදලිගේ උරුමය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.