Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / අධ්‍යාපනික / නිවැරදි ආහාර පුරුදු
About this book

නිරෝගී ජීවිතයක් වැඩිහිටි, බාල, මහලු සියලු දෙනාටම අවශ්‍ය වේ. ඒ සඳහා පාදක වන විවිධ සාධක අතර ප්‍රමුඛ කරගන්නා වූ නිවැරදි ආහාර පුරුදු විශේෂ කාර්යභාරයක් ඉටු කරයි. කාර්යබහුල ජීවන රටාවේදී වැඩිපුර නොසිතා ගනු ලබන ආහාර අපගේ මනා සෞඛ්‍ය තත්ත්වය අනාරක්ෂිත කරවයි. පෝෂණවේදී රොෂාන් දෑල බණ්ඩාර මහතා මෙම කරුණු පැහැදිලි කිරීම අරභයා ගෙන ඇති උත්සාහය ප්‍රශංසනීය වේ. මනා පෝෂණය පිළිබඳව බොහෝ තතු නොදන්නා එහෙත්, ඒ පිළිබඳව දැනගැනීමට උනන්දුවක් දක්වන පාඨකයින්ට මෙම පොත කදිම අත්වැලකි.

මෙම පොත රචනා කර ඇති ශෛලිය, භාෂාව සහ අන්තර්ගත විද්‍යාත්මක කරුණු කඩිනමින් කියවීමට, තේරුම් ගැනීමට හැකි වන අයුරින් ගොඩනගා තිබීම මනාය. ඒ පිළිබඳව කටයුතු කිරීමට කතුවරයා නොමඳ උත්සාහයක් දරා ඇත. සමාජයේ විවිධ ස්ථරවල ජීවත් වන ජනතාව අත්දකින ආහාර පුරුදු පිළිබඳව පොතක් නිර්මාණය කිරීම පහසුවෙන් කළ හැකි දෙයක් නොවේ. විවිධ සමාජ මට්ටම් ඇසුරු කිරීමෙන් කතුවරයා ලැබූ පරිණත බව මෙහිලා විශේෂයෙන් වැදගත් වේ. වැරදි සහ නිවැරදි ආහාර පුරුදු පිළිබඳව අවබෝධයෙන් සහ අත්දැකීමෙන් මෙම පොත රචනා කිරීම බාල සහ වැඩිහිටි දෙපාර්ශ්වයටම උචිත නිර්මාණයක් ලෙසින් මම දකිමි. මෙම පොත කියවීමෙන් ඔබ ලබාගන්නා නිවැරදි ආහාර පුරුදු පිළිබඳ දැනුම ප්‍රායෝගිකව භාවිත කිරීම ඔබගේ ජීවිතය නිරෝගීව පවත්වා ගැනීමට රුකුලක් වනු නොඅනුමානය.

ආචාර්ය අනෝමා චන්ද්‍රසේකර
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය / අංශ ප්‍රධානි
ව්‍යවහාරික පෝෂණ අධ්‍යයන අංශය
පශුසම්පත්, ධීවර හා පෝෂණ පීඨය
ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලය

ISBN
9789556617467
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: නිවැරදි ආහාර පුරුදු

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.