Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / සිංහල අකුරු ලියන හැටි

සිංහල අකුරු ලියන හැටි

About this book

‘සිංහල අකුරු හරි ලස්සණයි. හැම අකුරක් ම ලියන කලාවක් තියෙනවා. විවිධ හැඩතල අනුව ලියන්න තියෙන නිසා යම් තාක්ෂණයකුත් තියෙනවා. ඒක හුඟ දෙනෙක් දන්නෙ නෑ. ඒ නිසා සිංහල අකුරු ලස්සණට ලියන්න කුඩා කාලෙ ඉඳලා පුරුදු වෙන්න ඕනෑ. ඒ සඳහා ඉස්සරට වඩා අලුත් ක්‍රම දරුවන්ට කියා දෙන්න පුළුවන්.

‘පුෂ්පානන්ද ඒකනායක සිංහල අකුරු ලියන හැටි’ නම් වූ මේ පොත අපේ අධ්‍යාපන ක්ෂේත්‍රයට අදාළ වැදගත් කටයුත්තක්; බොහෝ දෙනෙකුට සම්පූර්ණ කරන්න බැරි වුණ කටයුත්තක්, හොඳින් සම්පූර්ණ කිරීමක් ලෙස හඳුන්වන්න කැමතියි. මේ පොත පරිහරණය කරන කාට වුව හොඳින් වැටහෙනවා නූතන ලෝකය තුළ අකුරු ලිවීම කියන එක තාක්ෂණය ඔස්සේ ම දියුණුවක් ලබා තිබෙන බව. ඒ නිසා අකුරු ලියන කලාව විද්‍යාත්මක ව විග්‍රහ කරලා ඊට අදාළ තාක්ෂණය දරුවන්ට ඉගැන්වීමට පුළුවන්. පුෂ්පානන්ද මහත්තයා මේ පොතෙන් කර තිබෙන්නේ ඒ කටයුත්ත. එතුමා මේ පොත මඟින් අපේ ගුරු භවතුන්ට ලොකු උපකාරයක්, සේවාවක් කරලා තියෙනවා. ඒක අපේ දරුවන්ගේ යහපතට හේතු වන්නක්. මේ පොත, දරුවන්ට උගන්වන ගුරු භවතුන් වගේ ම, දරුවන්ගේ අත් අකුරු ලස්සණ කරන්නත් සමත් වෙන බව මගේ අවංක හැඟීමයි. 

- මහාචාර්ය සරත් විජේසූරිය ’

ISBN
9789556564594
පිටු ගණන (Pages)
120
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: සිංහල අකුරු ලියන හැටි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.