නොලී ආලය
සම්ප්‍රදායික විචාරයේ මිනුම් දඬු, කඩු කිණිසි සේ ඔසවමින්, කවි බිමට හෙමින් පියවර තබමින් ආ නවක කවීන් බිය ගැන්වූ යුගයක් තිබූ බව නොරහසකි.
එයින් සිදුවූ බරපතල ම හානිය නම් සමාජ හැලහැප්පීම්,දේශපාලන කැළඹීම් හමුවේ නෑසූ කන් ඇතිව සිටින පිරිසක් බිහිවීමයි. එලෙස ආතුර වූ ශ්‍රී ලාංකේක්ය සමාජ දේහයෙන් මතු වූ දුගඥ මඩ්මින් බලාපොරොත්තුවේ සුවඳ පතුරවන්නට උරදුන් සාහිත්‍යකරුවන් අතර කවියන් සිටිනුයේ ඉදිරියෙනි.
අබ්දුල් රහිම් “ගොලී ආලය” හරහා මේ කියන්නේ එසේ සමාජ කැළඹීම්, හැලහැප්පීම් ළඟ ඔද්දල් වූ ඔහුගේ හදවත ගැනයි; ආතුර වූ ඔහුගේ කවි සිත ගැනයි.
එමතු ගොව ප්‍රේමය නිසාම රිදවුම් ගත් ඔහුගේ කවි සිතේ හටගත් කම්පන සංඛ්‍යාතයයි. කවියට අදාලව බලන කල්හි ඒ කම්පනය කායානුරූපීව ඉදිරිපත් කරන්නට ඔහු දැරූ ප්‍රයත්නය ප්‍රශංසනීයය. උචිත බස් වහර, ආකුතිය, ආඛ්‍යාන රටාව හා සමාජය විනිවිදින අනුභූතින් ගැන වඩා අවධානයක් යොමු කළහොත් අනාගතයේදී පරිපූර්ණත්වයට පත්වන ලකුණු ඇති කවියකු උපදිනු ඇත යන්න අපේ විශ්වාසයයි.
එය එසේම වේවා යන්න අපේ පැතුමයි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.