Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / අවියෙන් ලියූ අකුරු

අවියෙන් ලියූ අකුරු

ප්‍රවර්ග (Genre): නවකතා පරිවර්තන
About this book

වසර ගණනාවක් අප රට වෙළාගෙන පැවති ජාතික ප්‍රශ්නය තේමා කර ගනිමින් උතුරේ ලේඛකයන් විසින් ලියන ලද ග්‍රන්ථ රැසක් මෑත කාලයේ ඉන්දියාවේ දී ප්‍රකාශයට පත්ව තිබේ. එම ග්‍රන්ථ අතර 2015 වසරේ දී ප්‍රකාශයට පත් වූ සාත්ත්‍රිගේ 'ආයුද එළුත්තු' නම් නවකතාව සුවිශේෂී ස්ථානයක් හිමි කර ගෙන ඇත. එය මේ වන විට ඉන්දියාව පමණක් නොව ලොව බොහෝ රටවල දමිළ පාඨක හා විචාරකයන්ගේ අවධානයට ලක් වු නවකතාවකි. මේ එහි සිංහල පරිවර්තනයයි.

ජාතික ප්‍රශ්නයේ 'ආරම්භක ජවනිකාවල’ සිට අවසන් කාලය දක්වා සිදු වූ විවිධ සිදුවීම් ඔස්සේ විකාශනය වන මෙම නවකතාවේ විශේෂත්වයක් නම් අප අසා තිබෙන සහ දැක තිබෙන බොහෝ ප්‍රකට සිදුවීම්වල අප නො දන්නා ‛තිරය පසුපස’ සත්‍ය සිදුවීම් රැසක් නිරූපණය කිරීමට මෙමගින් කතුවරයා උත්සුක වී තිබීමයි. මෙය මෙරට ඓතිහාසික නවකතාවක් යැයි හැඳින්වුව ද වරදක් ද නොවන්නේ එබැවිනි.

වරෙක එල්. ටී. ටී. ඊ. සංවිධානයේ සාමාජිකයකු වශයෙන් ද කටයුතු කර තිබෙන මෙහි කතුවරයා එහි දී තමන් ලද බොහෝ අත්දැකීම් නවකතාව ලිවීමේ දී උපයෝගී කර ගෙන තිබෙන අතර ඔහු මෙම කෘතිය තුළින් නවකතාවේ දෘෂ්ටි කෝණය පිළිබඳ කිසියම් අත්හදා බැලීමක් ද සිදුකරයි.

ISBN
9786246296735
පිටු ගණන (Pages)
410
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: අවියෙන් ලියූ අකුරු

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.