වීණාවක් රැගෙන ගිය දරුවා
About this book
කිසිදු මං සලකුණක් නැති වන ලැහැබවලින් වේලී තිබූ මුල්ලිවයික්කාල් ප්‍රදේශය ගන කැළෑවක් බවට පත් ව තිබූණි.ඒ වන ලැහැබ් තුළ පක්ෂීහු රහසේ බිත්තර දමා ඇති සේ ය.ඒ දරුවා එම වන ලැහැබ් අතරේ නොපෙනී ගියේ ඇයි ද කියා ඔහු මිමිනුවේය.හිස් සුළඟ පැමිණි මුහුණේ ගැටී ඔහුගේ මතක සාගරයේ රැළී බිඳ හෙළුවේය.
අධිකාරීවරයා නල්ලසාමිගේ මළ සිරුර පිළිබඳ සැලකිල්ලක් නො දැක්වුව ද ඔහුගේ ප්‍රශ්න දහස් ගණනකට පිළිතුරු දීමට අපට සිදුවිය.අවසානයේ අසවල් තැනට ගෙනිහින් වළදාපල්ලා යන නියෝගය ලැබුණි.ඔහු සදහන් කළේ අපගේ පැල්පත් පිහිටා තිබෙන කඳුකර පෙදෙසේ ස්ථානයකි.අපි නැවතත් මළ සිරුර ඔසවාගෙන කන්ද නගින්නට වූයෙමු.කාලය ගෙවී ගියත් ම මැස්සේ බර ද වැඩි විය.උරපත්ත දැවී යන්නාක් සේ දැනුණි.දුර්ගන්ධය ද ඉසිලිය නොහැකි තරම් ය.කෙසේ හෝ සියල්ල දරාගෙන යා යුතුයි. වලවන් මගේ ග්‍රහණයෙන් මිදෙන්නට දැඟලුවේය.කකුල්වලින් ඇන්නේය.මගේ පපුවට අත තබා තල්ලු කලේය.''මම බිමින් තියන්න''මට එයා වීරත්වයට පත් කරලා අවසන් ගෞරව දක්වන්නට ඕනි.බිමින් තියන්න යි කියමින් අඬනන්නට පටන් ගත්තේ ය.ඔහුගේ හැඬුම් හඬ මගේ හඬ පරයමින්ඒ භූමිය පුරා පැතිර යන්නට විය. ''එක කුඩයක් හතුරෙක් විදියට දැනෙන්නේ නැද්ද?'' ඔහු මගේ කුඩය යටට පැමිණියේ ය.විදුලි වේගයකින් මට හාදුවක් දුන්නේය .තෙමුණු මල් ,කොළ, පඳුරු, වැල්, අයිනක සිටි ගොනෙක්... ඒ සියල්ල ම දැක ගත හැකි විය.Details
ISBN
9786246296438
පිටු ගණන (Pages)
127
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review