Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / නීතිය / නොතාරිස්වරුන්ගේ අත්පොත

නොතාරිස්වරුන්ගේ අත්පොත

About this book

නොතාරිස් පනත, වංචා වැළැක්වීමේ ආඥා පනත, මුද්දර ගාස්තු පනත, ලේඛණ ලියාපදිංචි කිරීමේ ආඥා පනත සහ මුදල් විශුද්ධිකරණ පනත වැනි පනත් රැසක අන්තර්ගතය නොතාරිස් ධුරයේ කටයුතු කිරීමේදී දැන සිටීම අනිවාර්යය.

මෙම කෘතිය කොටස් හතරකින් සමන්විතය. මුල් කොටස නොතාරිස්වරුන් පත් කිරීම, ඔවුන්ගේ වගකීම් හා යුතුකම් විස්තර කර දීමට වෙන් කර ඇත. දෙවන කොටසින් නොතාරිස් වෘත්තිය සඳහා අවශ්‍ය වන අන පනත් ආදියෙහි වැදගත් තැන් විස්තර කර ඇත.

මෙහි තුන් වන කොටසින් ඔප්පු සකස් කිරීම සම්බන්ධයෙන් දැන ගත යුතු රීතීන් සහ සම්ප්‍රදායයන් විස්තර කර ඇත. ඒ ඒ වර්ගවල ඔප්පු සකස් කරන ආකාරය වෙන වෙනම දක්වා ඇතත් බොහෝ ඔප්පු වර්ග උදාහරණ මගින් පැහැදිලි කර නොමැත්තේ මෙම කෘතිය අනවශ්‍ය ලෙස විශාල වීම වැළැක්වීම සඳහා ය. ඒ ඒ ඔප්පු වර්ග උදාහරණ සහිතව අධ්‍යයනය කිරීම සඳහා මීට කලකට පෙර සමාධි ප්‍රකාශන ආයතනයෙන් නිකුත් කරන ලද ''ඔප්පු ලිවීම” නම් කෘතිය පරිශීලනය කිරීම සුදුසුය.

මෙහි හතරවන කොටසින් විවිධ ඔප්පු ලිවීම සම්බන්ධ නඩු කටයුතු පිළිබඳ කෙටි විස්තර සපයා ඇත. එම විස්තර විශේෂයෙන් ඇතුළත් කර ඇත්තේ එම විෂය සම්බන්ධයෙන් මෙතෙක් කිසිඳු කෘතියක් නිකුත් කර ඇති බවක් දැන ගන්නට නැති බැවිනි.

තවද නොතාරිස්වරුන් සහ නීතිඥ නොතාරිස්වරුන් ළඟ අනිවාර්යයෙන්ම තිබිය යුතු ආකෘති පත්‍ර සහ වැදගත් තොරතුරු රැසක්ද මෙම කෘතියට ඇතුළත් කර ඇත. නොතාරිස්වරුන් විසින් දැන සිටිය යුතු සමහර නීති රීති මෑතකදී අලුතින් හඳුන්වා දී ඇත. තව සමහර නීති රීති කාලානුරූපී පරිවර්තනයන්ට ලක් වී ඇත.

උදාහරණයක් ලෙස ත්‍යාග ඔප්පු අවලංගු කිරීම සම්බන්ධ නීතිය මෑතකදී සෑහෙන පරිවර්තනයකට ලක් වී ඇත. මෑතකදී හඳුන්වා දෙන ලද හිමිකම් ලියාපදිංචි කිරීමේ නීතිය යටතේ හිමිකම් ලේඛණ සාදන අයුරු නොතාරිස්වරුන් දැන සිටිය යුතුය.

නොතාරිස්වරුන්ගේ දැනුමට එක්කර ගත යුතු අලුත් නීති රීති සහ ප්‍රවණතා රැසක්ම මේ කෘතිය තුළ දීර්ඝ ලෙස විස්තර කර ඇත.

Details
ISBN
9786246117009
පිටු ගණන (Pages)
456
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: නොතාරිස්වරුන්ගේ අත්පොත

Reviews are published once a member of our team has read them.