Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / කාව්‍ය / නුඹ හමුවීමම ප්‍රේමයක් - Poems

නුඹ හමුවීමම ප්‍රේමයක් - Poems

About this book

සමහරු ආදරේ විඳිනවා. සමහරු ආදරේ නිසා විඳවනවා.තවත් සමහරු ආදරේ නාමයෙන් ජීවත් වෙනවා. තවත් අය ආදරේ නිසා සියදිවි නසාගන්නවා. 

ඉතින් ආදරය කියන අකුරු හතරේ අර්ථය හරියටම මොකද්ද කියල ඇහුවොත් එක එක අය විවිධ අදහස් දෙනවා.සමහරු නිරුත්තර වෙනවා. ඒත් ආදරේ කියන්නෙ නම් පරිත්‍යාගයක්. අපි කෙනෙක්ට ඇත්තටම ආදරේ කරා නම් ඒ නො අපිව දාල ගිය දවසක හයාගෙ සතුට දැකලා සතුටු වෙනව හැරෙන්න, කවදාවත් ඒ කෙනාට වෛර කරන්නෙ නැහැ. ඉතින් ...ආදර් විඳින ආදරෙ විඳවන ඔයාලට මම මෙහෙම කියනවා...

'ආදරේ නාමයෙන් කිසිම කෙනෙක්ව රවට්ටන්න එපා. ජීවත් වෙලා ඉන්න කෙටි කාලෙ කෙනෙක්ගෙ හිනාවකට හේතුවක් වෙන්න. කවදහරි දවසක ඔයා මේ ලෝකෙන් ගිය දවසක ඔයාගෙ ලස්සන මතක මේ ලෝකය තුළ සදාකාලිකව පවතීවි...'

 

ISBN
9786245572748
පිටු ගණන (Pages)
47
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 1
  1. ආදරේ කියන්නේම ලස්සන කවියක්..
    ආදරණීය හිතකින්, ආදරය අකුරු කරපු සරල ලස්සන කවි අහුරක්..
    බරට ලියන කවි අතරේ හරි සැහැල්ලුවෙන් ගලාගෙන යන පොතක්..
    ලෙහාන් හඳුන්ගේ සර්ගේ මම කියවපු පළවෙනිම පොත තමා මේ. කියවලා ඉවර වෙන්නත් කළින් ම මම තීරණ කලා සර්ගේ අනිත් පොත් ටිකත් අනිවාර්යෙන් කියවනවා කියලා. ඒ තරම් ම මට මේ පොත දැනුනා. කවියකින් ලියවුනු ආදරේ ගැන කියවන්න කැමති ඕනිම කෙනෙක් ට කියවන්න පුළුවන් ලස්සන පොතක් තමා 'නුඹ හමුවීමම ප්‍රේමයක්' පොත.
    Nuwangi රාක්කයේ ඇත ·
Write a review
Write a review

You're reviewing: නුඹ හමුවීමම ප්‍රේමයක් - Poems

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.