Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / ප්‍රබන්ධ ප්‍රවර්ග / සාහිත්‍ය ප්‍රබන්ධ / නූතනවාදය වෙතට සහ ඉන් ඔබ්බට...

නූතනවාදය වෙතට සහ ඉන් ඔබ්බට...

ප්‍රකාශක (Publisher): අහස මීඩියා - Ahasa Media Works
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

වටහා ගන්න අමාරු සංකල්ප රැසක උපත, වර්ධනය සාකච්ඡා කිරීමත්, අටුවාවක වේශයෙන් ඒවා පැහැදිලි කිරීමත් මේ ග්‍රන්ථයෙදි සිදු වෙනවා. ඒ එක්කම සාහිත්‍ය කලාව සෙසු විෂයයන් සමඟ ගනුදෙනු කරන ආකාරය, එතුළින් පැන නැගෙන සංකල්ප, ඒවා භාවිතාවේදී සාහිත්‍යය තුළ මතුවක ගැටලු ආදියත් විග්‍රහ කිරීමට යත්න දරනවා.

අනෙක් හැම නව දැනුම් සම්භාරයක් ගෙන එද්දී මෙන්ම මෙහිදී ද වෙන්නෙ ඉංග්‍රීසි බස දන්න කෙනෙක් නොදන්න පිරිසකට යම් විෂයයක් පරිවර්තනය කරමින් කරුණු ගෙන ඒම වුණත්, මෙතනදී ඒක සිද්ධ කරන්නෙ ආත්මීයව අදාළ විෂයයට සම්බන්ධ වූ, එයින් ප්‍රේරණය වූ, එහි ඇලී ගැලී සිටිමින් මනා පටුත්වයක් ලබපු කෙනෙක් වීම තුළ සමන්ගෙ කෘතිය ඇකඩමික් ක්ෂේත්‍රයේ සෙසු ප්‍රවීණයන් පහු කරමින් ගව් ගණනාවක් ඉදිරියට එනවා. ඒ වගේම අතලොස්සක් දෙනාගෙ ඉංග්‍රීසි දැනුම තුළ ධාතු කරඬුවක දාගෙන තිබුණු සංකල්ප රැසක් බහුතර පාඨක පිරිසකට ඉතා නොමසුරුව බෙදා දෙනවා. තවත් දෙයක් තමයි සමන්ගෙ භාවිත සාහිත්‍ය ජීවිතයයි, කෘතියයි අතර සම්බන්ධය සෙසු මෙවැනි ග්‍රන්ථ රචකයන්ට වඩා සුවිශාල සමීපත්වයකින් යුක්ත වීම. එහෙම ආත්මීය අරගලයක් නියෙන කෙනෙක් මෙහෙම පොතක් ලිවුවමද ඔය, මේ රටේ?

කොහොම වුණත් සමන් කළේ හුඟ කාලෙක ඉඳලා සමාජයෙ පැවති අත්‍යවශ්‍ය ඉල්ලුමක් සැපයීම. ඒ ඉල්ලුමට හඬක් තියෙනවා. ඉදිරි ගමනක් තියෙනවා. ඒ මතින් මේ රටේ කෙරෙන්න නොකෙරෙච්චි වැඩ අටෝරාසියක් තියනවා.

ටෙනිසන් පෙරේරා, අජිත් තිලකසේන වගේ අයගෙ දුර්වල භෞතික ශරීරවල ජවය හිඳෙන කොට හයිහත්තිය තියෙන භෞතික සරීරවල් ඒ අය ගිය නොගිය තැන්වලට යාත්‍රා කරන්න ඕනෙ. ඒ ගමන්වලට හොඳ රුවලක් තමයි සමන් දැම්මෙ.

චින්තක රණසිංහ - සිංහල අංශය, කැලණිය විශ්වවිද්‍යාලය

90 දශකයේ අග භාගය වන විට ඇකඩමියාවට පිටින් කොළඹ කේන්ද්‍රීයව ගොනු වූ තරුණ පිරිස් කණ්ඩායම් ලෙසත්, පුද්ගලානුබද්ධවත් හදාරමින් හා විකල්ප සංස්කෘතික දේශපාලන ක්‍රියාකාරකම්වල නියැළෙමින් දැනුමේ යම් හෙජමොනික ආධිපත්‍යයක් ගොඩනඟමින් සිටියහ. විශ්වවිද්‍යාලවල අතාර්කිකභාවය පිළිබඳ ඔවුන්ගෙන් එල්ල වූ අභියෝගය සුළුපටු නොවූවද, සම්ප්‍රදායික ඇදුරන්ගේ ප්‍රතිචාරය වූයේ ඇකඩමියාව කෙරෙහි පවත්නා ඊර්ෂ්‍යාව මිස ඔවුන්ගෙන් ගත යුත්තක් නොවන බවය. බටහිර සාහිත්‍ය න්‍යායන් එකම මල්ලකට දමා අවශ්‍ය මොහොතක එයින් එකක් දෙකක් ඇද, එදාවේල සරි කර ගත් එවන් ඇකඩමික් උගතුන් එකී න්‍යායන්හි ඓතිහාසික විකාශනය, වෙනස්කම් හෝ සීමාවන් පවා හරිහැටි නොදත්හ. ඒ නිසාම ප්‍රසිද්ධියේ ස්වකීය දේශනවලදී කේ.කේ සමන්ලා පට්ට ගැසූ ඇතැමෙක් ජ්‍යෙෂ්ඨ පොදු කාමරයේදී, ‘නූතනවාදය වෙතට සහ ඉන් ඔබ්බට' රහසින් පරිශීලනය කළහ.

ප්‍රියාන් ආර්. විජේබණ්ඩාර

ISBN
9789557861890
පිටු ගණන (Pages)
345
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: නූතනවාදය වෙතට සහ ඉන් ඔබ්බට...

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.