Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / අධ්‍යාපනික / ඕෂෝ - ඛලීල් ජිබ්රාන් මුනිවරයා ගැන

ඕෂෝ - ඛලීල් ජිබ්රාන් මුනිවරයා ගැන

About this book

ඛලීල් ජිබ්රාන් යනු පාරිශුද්ධ සංගීතයකි, අභිරහසකි. සියවස් ගණනාවක් ගෙවී ගොසිනි. බොහෝ ශ්‍රේෂ්ඨ මිනිසුන් ජීවත්වී මියැදී ඇත. එහෙත් ඛලීල් ජිබ්රාන් යනු තවමත් ඔහුටම සුවිශේෂි අනන්‍යතාවකි. මිනිස් හදවත ගැන මෙතරම් ගැඹුරු අන්තර්ඥානයකින් යුතු තවත් මනුෂ්‍යයෙක් අනාගතයේ දී හෝ පහළ වේ යැයි සිතා ගැනීම පවා අපහසුය.

ඔහු කළ නොහැකි යමක් කර ඇත. අභිරහසක සමහර ශේෂයන් මිනිස් භාෂාවකට ගෙන ඒමට ඔහුට හැකි වී තිබේ. කිසිම මිනිසෙකු නොකළ පරිදි ඔහු මානව භාෂාව හා මානව විඥානය ඉහළ තලයකට නංවා ඇත...

කවියකුගේ බුද්ධි ප්‍රභාව නම් ඔහු එම අවස්ථා වචනයෙන් ග්‍රහණය කර ගැනීමයි. ඒ නිමේෂයන් ඔබේ ජීවිතයට ද පැමිණේ. ඒවා පැවැත්මේ නොමසුරු ප්‍රදානයන්ය. වෙනත් වචන වලින් කිවහොත්, ඒවා ඔබ තුළ සෙවීමක් ඇති කිරීමට ඉඟි කරයි.

කවියා මොහොතකට මුනිවරයෙක් වන මුත් මුනිවරයා නම් සදාතනික කවියෙකි.

මේ ක්ෂණික දර්ශන වචනවලට පරිවර්තනය කළ හැක්කේ ඒවා සම කළ හැක්කේ පිනිබිඳු වලට පමණක් වන බැවිනි. මුනිවරයා සාගරය බවට පත්ව සිටී. නිහඬතාව ඔහුගේ ගීතය බවට පත්වේ.

කවියෙකු සමඟ සන්නිවේදනය කිරීම එකකි. එහෙත් මුනිවරයෙකු සමඟ සන්නිවේදනයේ යෙදීම ඊට මුළුමනින්ම වෙනස් ය. එහෙත් කවීන්ගෙන් ආරම්භ කිරීම වඩා හොඳය. මන්ද ඔබට පිනි බිංදු උරා ගැනීමට නොහැකි නම්, සාගරය ඔබට නොවේ; ඔබ සාගරයට නොවේ. ඔබට පිනිබිඳුව පවා මහා සාගරයක් මෙන් දිස් වනු ඇත.

ශ්‍රේෂ්ඨ සත්‍යය පැවසිය හැක්කේ උපමාකතාවලින් පමණි.

 

 

ISBN
9786245754359
පිටු ගණන (Pages)
220
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ඕෂෝ - ඛලීල් ජිබ්රාන් මුනිවරයා ගැන

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.