Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / පළාත් පාලනයට අත් පොතක්

පළාත් පාලනයට අත් පොතක්

About this book

ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමයක පළාත් පාලනය සැලකෙනුයේ ආණ්ඩුකරණ ක්‍රියාවලියේ මූලාරම්භය වශයෙනි. කරුණු කිහිපයක් හේතුවෙන් පළාත් පාලනය ආණ්ඩුකරණ ක්‍රියාවලියේ අන් කවර ආයතනයකටත් වඩා කැපී පෙනේ. පළමුවැන්න පළාත් පාලනය නියෝජන සංකල්පයේ සහ පොදු සහභාගීත්වයේ ආරම්භය වශයෙන් සැලකිය හැකි වීමයි. දෙවනුව එමගින් ප්‍රාදේශීය ගැටලු හා ඉල්ලීම් වෙත ඒවාට ආවේනික නැතහොත් ස්වායත්ත විසදුම් ලබාගත හැකි වීමයි. තෙවැන්න අත්‍යාවශ්‍ය සේවා සම්පාදනය සහ සමාජ-ආර්ථික සංවර්ධනය සම්බන්ධයෙන් පළාත් පාලන ආයතන වලට කළ හැකි කාර්යභාරය අතිවිශාල එකක් වීමයි. සිව්වෙනුව ආපදා සහන සහ අර්බුධ කලමණාකරණය සම්බන්ධයෙන් පළාත් පාලන ආයතන වල භූමිකාව අතික්‍රමණය කළ හැකි වෙන කිසිදු ආයතනයක් නොවීමයි. පස්වෙනුව ස්වාභාවික සම්පත් සහ සංස්කෘතික උරුමයන් රැක ගැනීමේ ක්‍රියාවලියේදී තීරණාත්මක කාර්යභාරයක් සිදුකළ හැක්කේ පළාත් පාලන ආයතනවලට වීමයි. අවසාන වශයෙන් යහපාලනය සහ වගවීමේ ක්‍රියාවලිය ආරම්භ වනුයේ පළාත් ආණ්ඩුකරණය තුළින් වීමයි.

එවැනි පසුබිමක මෙහි කතුවර හේමප්‍රිය කවිරත්න මහතා ශ්‍රී ලංකාවේ පළාත් පාලන ක්‍රමයේ ආරම්භය, සංවර්ධනය සහ වර්තමාන ව්‍යුහය මෙන්ම එහි ක්‍රියාකාරීත්වය මනා ලෙස අධ්‍යයනය කිරීමේන් අනතුරුව මේ මාහැගි ග්‍රන්ථය ඔබට පිළිගන්වයි. ඔහු ශ්‍රි ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා විශේෂවේදී උපාධිධරයෙකු වන අතර කැලණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රපති උපාධිධරයෙකු සහ දශක දෙකකට අධික කාලයක් තිස්සේ උසස් පෙළ දේශපාලන විද්‍යා ගුරුවරයෙකු ලෙස ද සමාජ-දේශපාලන ක්‍රියාධරයෙකු ලෙස ද මෙම කෘතිය සම්පාදනය කිරීමට අවශ්‍යය සියලු සුදුසුකම් සපුරා ඇත්තෙකි. මෙම පළාත් පාලන අත්පොත මහජන නියෝජිතයන්ට, පළාත් පාලනය හදාරන විද්‍යාර්ථයින්ට මෙන්ම පළාත් පාලනය ගැන උනන්දුව දක්වන පොදු මහජනතාවට මහගු අත්වැලක් වනු ඇති බව මාගේ විශ්වාසයයි. ඔහුට මම සියලුම ආකාරයේ සුබ පැතුම් මේ සමග පිරිනමමි.

ISBN
9786245561391
පිටු ගණන (Pages)
171
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: පළාත් පාලනයට අත් පොතක්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.