පාරාදීසයක දරුවෝ

Special Price රු. 1,080.00 Regular Price රු. 1,200.00
In stock
SKU
paradeesayaka-daruwo-shamel-jayakodi-sarasavi

සුභද්‍රා මැණිකේ මිය ගියත්, බිම්සර හා අනුරාධා වලව්වෙන් සමුගෙන ගියත්, ජයදේවගෙන් වෙන් වුණු ජසින්තා, යසරත්න හාමු හා නිහඬ විවාහයකට සම්ප්‍රාප්ත වුවත්, ගලබඩ වලව්වේ කතාව එතැනින් නතර වන්නේ නැත. වලව්වේ උරුමය හිමි කර ගත් සංජය සමඟ අලුත් අභිමතාර්ථ ඇතිව, නව මානයක් ගෙන ගලබඩ වලව්වේ කතාව නොනැවතී ඉදිරියටම ගලාගෙන යනු ඇත.

පරම්පරා ගණනක පටන් කාලයේ හා පරිණාමයේ හැඩයන්ට අනුකූලව හැසිරෙමින්, අනන්ත වූ වෙනස්වීම්වලට මුහුණ දෙමින්, සියලු ආර්ථික සාමාජික-දේශපාලනික-සංස්කෘතික බලවේග වටා දැවටී ඉන් පෝෂණය වෙමින් ඇති දැඩිවෙන මේ පාරාදීසයේ උපන් දරුවන්ගේ කතාව මෙතැනින් නතර නොවේ. එහි බිහිවෙන ඊළඟ උරුමක්කාරයින්ගේ කතාව මතු පරම්පරාවක දී කවුරුන් හෝ අතින් ලියැවෙනු නොඅනුමාන ය.

 

Author ශමෙල් ජයකොඩි - Shamel Jayakodi (11)
Publisher සරසවි ප්‍රකාශකයෝ - Sarasavi prakashana (902)
More Information
ISBN 9789553101853
පිටු ගණන 300
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:පාරාදීසයක දරුවෝ
Back to Top