Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / විවිධ / වෛද්‍ය / පරපෝෂිත රෝග ගැන විශේෂඥ වෛද්‍ය උපදෙස්

පරපෝෂිත රෝග ගැන විශේෂඥ වෛද්‍ය උපදෙස්

About this book

කතුවරිය ගැන

මහාචාර්ය හසිනි බන්නැහැක - (MBBS. Pg. Dip Med Micro, MD in Medical Parasitology)

මහාචාර්ය හසිනි බන්නැහැක ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ, වෛද්‍ය විද්‍යා පීඨයේ, පරපෝෂිත විද්‍යා දෙපාර්තමේන්තුවට, අනුයුක්තව සිටී. මහාචාර්ය බන්නැහැක වෛද්‍ය විද්‍යාව පිළිබඳ මූලික උපාධිය ( එම් බී බී එස් ) ලබා ගත්තේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය විද්‍යා පීඨයෙනි. පසුව ඇය කොළඹ විශ්ව විද්‍යාලයේ පශ්චාත් වෛද්‍ය උපාධි ආයතනයෙන් පශ්චාත් උපාධි සුදුසුකම් (වෛද්‍ය ක්ෂුද්‍රජීව විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධි ඩිප්ලෝමාව සහ වෛද්‍ය පරපෝෂිත විද්‍යාව පිළිබඳ විශේෂඥ පශ්චාත් එම්. ඩී. උපාධිය ) ලබා ගත් අතර වෛද්‍ය පරපෝෂිත විද්‍යාව පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස මණ්ඩල සහතිකය ලබා ලියාපදිංචි වී ඇත. 

මීට පෙර ඇය එක්සත් රාජධානියේ කෙන්ට් විශ්ව විද්‍යාලයේ පර්යේෂණ ශාස්ත්‍රීය අධ්‍යයනවරයකු හා මැලේසියාවේ ක්වාලාලම්පූර්හි ජාත්‍යන්තර වෛද්‍ය විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරියක ලෙසත් සේවය කර ඇත. ඇය ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන කිහිපයක බාහිර අධ්‍යයන හා විභාග අධීක්ෂකවරයෙකු ලෙස සේවයේ නිරත වෙයි. සප්ත වාර්ෂික නිවාඩු කාල සීමාවේදී මහාචාර්ය බන්නැහැක ලෝක සෞඛ්‍ය සංව්ධානය ශ්‍රී ලංකා ශාඛා කාර්යාලය විසින් ජාතික ව්‍යාපෘති හා පර්යේෂණසඳහා උපදේශකවරියක ලෙස බඳවා ගෙන ඇත. ඇය එක්සත් රාජධානියේ ෆ්ලෙමින් අරමුදල සඳහා ශ්‍රී ලංකාවේ සම්බන්ධීකාරකවරියද වූවාය. ෆ්ලෙමිං අරමුදලේ කලාපීය ප්‍රදාන ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර සම්බන්ධීකාරක ලෙස හා ජාත්‍යන්තර එන්නත් ආයතනයේ උපදේශකවරියක් වශයෙන් සේවය කර ඇත.

ISBN
9786245638086
පිටු ගණන (Pages)
84
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: පරපෝෂිත රෝග ගැන විශේෂඥ වෛද්‍ය උපදෙස්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.