පෙරදැක්ම

Special Price රු. 720.00 Regular Price රු. 800.00
Out of stock
SKU
peradakma-ananda-liyanage-foremost-books

කතාව ඇරඹෙන්නේ බර්ලින් පවුර බිඳ වැටීමත් සමඟ රාජ්‍ය ආරක්ෂක ක්‍රම සඳහා වූ සෝවියට් කමිටුවේ (KGB) ප්‍රධානියා අනාගත ප්‍රචණ්ඩත්වයට මුල පුරන්නන්ගෙන් ලෝකයේ ඇති බල සමතුලිතතාව ආරක්ෂා කර ගැනීමට සැලසුමක් දියත් කිරීමෙනි.

යුදෙව් ජාතික පුරා විද්‍යාඥවරියක විසින් උතුරු ඉන්දියාවේ හුදකලා ආශ්‍රමයක පෞරාණික අනාවැකියක් සොයා ගැනීම, ඊශ්‍රායල බුද්ධිමය සහ විශේෂ මෙහෙයුම් ආයතනයට (මොසාඩ්) සිදුවිය හැකි ප්‍රචණ්ඩකාරී ක්‍රියාවක් ගැන අනතුරු හැඟවීමක් කරයි. ආමෙගෙඩන් සිදු කිරීමට තැත් කරන්නන් සැලසුම් කර ඇති භයානක ඝට්ටනයක් පරීක්ෂණවලින් හෙළි වෙයි. පෙර නොවූ විරු පරිදි මොසාඩ් සංවිධානය රුසියානු ප්‍රධාන බුද්ධිමය කාර්යාංශය (GRU) සමඟ සැලසුම් ව්‍යර්ථ කිරීමට එකතු වෙයි.

ඒ අතර එක්සත් ජනපද ජනාධිපති, තම පරිපාලනය අඩාල කිරීමට තැත් කිරීමේ උත්සාහයක් පිළිබඳව දැනගත් කල ෆෙඩරල් බියුරෝ ඔෆ් ඉන්වෙස්ටිගේෂන් ද (FBI) පරීක්ෂණයක් ආරම්භ කරයි.

2006 දී තම පළමුවැනි කෘතිය වූ THE LEGACY නවකතාව පළකිරීමත් සමඟ ආනන්ද ලියනගේ ශ්‍රී ලංකාවේ ඉංග්‍රීසියෙන් ලියන ගත් කතුවරුන් අතළොස්සට එකතු විය. ඔහුගේ විශේෂත්වය, නූතන සිද්ධීන් වටා තම කතාව ගෙතීමේදී ඓතිහාසික සිදුවීමක් ද ඊට ඇතුල් කිරීමයි. ‘පෙර දැක්ම’ පසුගිය වසරේ පළවුණු ඔහුගේ THE PROPHECY නම් ඉංග්‍රීසි කෘතියේ සිංහල පරිවර්තනයයි.

 

Author ආනන්ද ලියනගේ - Ananda Liyanage (6)
Publisher ෆෝමෝස්ට් බුක්ස් - Foremost Books (7)
More Information
ISBN 9789551509101
පිටු ගණන 506
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:පෙරදැක්ම
Back to Top