Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / පෙරනිමිති
About this book

වලාකුලින් අහස බර වූ එක් සවස් භාගයක මුළුතැන්ගෙයි ජනේලය අසලින් එහි මිහිරි සංගීතය උඩු මහලේ වූ ඇගේ කාමරයෙන් ගලා ගොස්, උද්‍යානයේ ගස් අතරින් වෙළී, අඳුරු අහසට සමුදෙනු මම බලා උන්නෙමි. ඇතැම් විට ඇසට පෙනෙන ශබ්දයක් ඇති බව මා එහි ජීවත් වන තුරුම කිසිදා දැන සිටියේ නැතිමුත්, දර්ශනය කෙසේ හෝ වඩාත් හුරුපුරුදු විය.

වරක් දුර අතීතයේ කොතැනක හෝ ශබ්ද අසමින් දිගු දින ගත කළාක් මෙන් ශෝභන තනුව මා තුළ මිහිරි හැඟීමක් අවදි කළේය. දෑස් පියා අසා සිටිනා විට මට දැනුණේ මා සිටින්නේ හරිත පැහැ සයුරු පතුලක ඉන්නා විලසකිනි. මුළු ලොවම ආලෝක රශ්මීන් ගෙන් ආලෝකවත් වී ඇති බවක් පෙනෙන්නට තිබිණි. ධාරාව විහි විදව දැකිය හැකි ලෙස ගමන් කර, එහි දී මගේ සම මත යන්තමින් පිරිමැදෙමින් යන මාළු පොකුරක් මෙන් මගේ වියවුල් මා පසු කර ගියේය. ගමනක් යෑමට පිටත් වී ඈත වඩදිය බාදියක අතරමං වී, මා පටන් ගත් තැනින් බොහෝ දුර ගෙවා අවසන් වීමේ පෙරනිමිත්තක් මට ඉර බැස යද්දී තිබිණි.

එය ගිම්හානයේ ඇරඹුම වූ අතර මා දහ නව හැවිරිදි විය.

“යොෂිමොතෝන්ගේ ගද්‍ය රචනාව තාත්විකය, එම රචනාවේ දඟකාරී බව නිසා එය නැතිවන්නේ යැයි සිතන්නේ නම් අමනකමක් වනු ඇත. යොෂිමොතෝ සම්මුතියට එරෙහිව සුන්දරව පහර ගසන්නීය” - නිව් යෝර්ක් ටයිම්ස් බුක් රිවීව්

“යොෂිමොතෝගේ නවකතා හරියට ස්වර්ණාභරණ පෙට්ටි වගෙයි.“ - වැනිට් ෆෙයාර්

ISBN
9786246586447
පිටු ගණන (Pages)
144
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: පෙරනිමිති

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.