පිදුරු ගහේ විප්ලවය
About this book
මසනොබු ෆුකුම්කා (1913-2008) උපන්නේ ජපානයේ ෂිකෝකු දූපතේ ගොවි ගමක ය. ගොවියෙකු මෙන් ම දර්ශනිකයෙකු ද වූ ඔහු පැලෑටි රෝග පිළිබඳ හදාරා යොකොහමාහි රේගු පරීක්ෂකයෙකු ලෙස වසර ගණනාවක් සේවය කළේ ය. වයස 25දී නිව්මෝනියාවට ගොදුරු වූ ඔහුට තම මුළු ජීවිතයම වෙනස් කළ “ආධ්‍යාත්මික” අත්දැකීමක් ලැබුණේ ය. එම දර්ශනයේ දී සිදු වූයේ යථා ස්වභාවය අනාවරණය වීමකි. සොබාදහමේ සමස්තය හා සැසදීමේ දී මිනිසා මෙතෙක් ලබා ඇති “දියුණුව” සම්පූර්ණයෙන් ම සොබාදහමේ ක්‍රියාකාරිත්වයට පටහැනි අර්ථ විරහිත වූවක් සේ ඔහුට පෙනී ගියේ ය. මිනිසුන් සොබාදහම පාලනය කිරීමට යාම නිසා අත් විඳින්නට සිදු වී ඇත්තේ විනාශකාරී ප්‍රතිඵලයෙන් නිසා එම තත්වයෙන් මිදෙන ආකාරය සොබාදහමට සමීප වී ගොවිතැනින්ම පෙන්වා දීමට සිතූ ඔහු වහා තම රැකියාවෙන් ඉවත් වී තමා උපන් ගමට ගොස් “සොබාදම්” ගොවිතැන් ක්‍රමයක් ආරම්භ කළේය. ඔහු සී සෑම ද නොකෙළේ ය. එය “නොකර - කිරීමේ” ක්‍රමයකි. එහෙත් එයින් ඔහුට ජපානයේ වෙනත් ගොවි ව්‍යාපාරවලින් ගන්නා හා සමාන අස්වැන්නක් ද ලබා ගත හැකි විය. එම ක්‍රමයටම ඔහු පලතුරු ආදී වෙනත් වගාවන් ද කළේය. ඔහු 1975 දී තම ජීවිත ගමන ද, දර්ශනය ද, කෘෂි අත්දැකීම් ද අලලා The One - Straw Revolution නම් කෘතිය පළ කෙළේ ය. ඔහු ගොවිතැන නිසාම ලෝක ප්‍රසිද්ධීයට පත් වූවෙකි. එපමණක් නොව ඔහුට මැග්සේසේ ත්‍යාගය පවා හිමි විය.
Details
ISBN
9789557947204
පිටු ගණන (Pages)
157
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review