Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පින්පොත

පින්පොත

ප්‍රකාශක (Publisher): M.D. ගුණසේන - M. D. Gunasena
ප්‍රවර්ග (Genre): බුදුදහම සහ ආගම
About this book

'පින්' යනු මනසෙහි පිරිසිදු බවයි. පිරිසිදු හිත මුල් කොටගෙන හිතෙන්ද, කයින්ද, වචනයෙන්ද පින් රැස් කරනු ලැබේ. තමන් සිදු කළ පින්කම් නැවත නැවත මෙනෙහි කිරීමෙනුදු පින් සිත් වැඩේ.

මිනිසාට බොහෝ දෑ ඉක්මනින් අමතක වී යන බැවින්, තමන් කළ පින්කම් ගැන අමතක වන්නට නොදී ලියා තැබීම අනාගතයේදී ඇවැසි විට ඒවා සිහි කිරීමට පහසුවකි. තමා සිදු කළ පින් ගැන සටහන් කොට තැබීම හෙවත් 'පින් පොත'ක් ලියන මේ සිරිත, මෑත කාලයේ ආරම්භ වූවක් නොව දූරාතීතයේ සිටම ලක්දිව පැවැති සිරිතක් බව දුටුගැමුණු මහ රජතුමාගේ පින් පොත පිළිබඳ මහාවංසයේ එන පහත සටහනින් පැහැදිලි වේ.

"තදා ච ආහරාපෙත්වා - පහට්ඨෝ පුඤ්ඤපොත්ථකං
වාචෙතුං ලේඛකං ආහ - සෝ තං වාචෙසි පොත්ථකං"
(32 . 25 ගාථාව)

දුටුගැමුණු මහරජතුමා මරණාසන්න මොහොතේ තමාගේ පින් පොත ගෙන්වා, ඒ පින් පොත තමන්ට ඇසෙන සේ කියවීමට, එය ලිවීමේ රාජකාරිය පැවරී තිබූ ලේඛකයාට නියම කළ බව ඒ ගාථාවෙහි අරුතයි.

මහින්දාගමනයෙන් නොබෝ කලක් ගත වන විටම පින් පොතක් ලිවීමේ සිරිත ලක්වැසි බෞද්ධයන් අතර පැවැති බව ද, රජවරුන්ට නම් තමන්ගේ පින් පොත ලිවීමට නියම කොට තිබූ ලේඛකයන් පවා සිටි බවද ඒ අනුව පැහැදිලි වේ.

'පින්' සහ 'සැපය' යනු දෙකක් නොව එකකි. සැපයට අකමැති කිසිවෙකු ලොව නැත. එනිසා සැප කැමැත්තවුන් විසින් නිතර පින් කිරීමෙහි නිරත විය යුතුය. ඔබ අතට පත් වන මේ 'පින් පොත' ඔබ සිදු කරන පින්කම් සටහන් කොට, ඉඩ ලැබුණු විට කියවමින්, සෝමනස්ස සහගත තෘප්තියක් ඇති කරගැනීමට ඔබට උපකාර වනු ඇත.

ISBN
9789552134012
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: පින්පොත

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.