Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ආගමික / බෞද්ධ / පියෙක් පුදන සියක් ගීත

පියෙක් පුදන සියක් ගීත

ප්‍රවර්ග (Genre): බුදුදහම සහ ආගම
About this book

නිර්මාණශීලී තරුණයකු වන ලලිත් ප්‍රියංකර (බී.ඒ.) විසින් සම්පාදනය කර ඇති "පියෙක් පුදන සියක් ගීත" නමැති මෙම කෘතිය සිංහල ගීත සාහිත්‍යයේ ප්‍රබල අඩුවක් පිළිබඳ නවමු කතිකාවතක් ඇති කරවීමට පදනම සකස් කිරීමක් වැනි ක්‍රියාවලියකි. සාමාන්‍ය රසිකයෙකුට විනා ගීත නිර්මාණ පිළිබඳ පර්යේෂණයක නිරතවන කෙනෙකුට පවා පිය ගුණ ගී සියයක් සොයා එකතු කිරීම යනු එතරම් පහසු වූ සුරම්‍ය කටයුත්තක් ලෙස සැලකිය හැකි නොවේ. එයට හේතුව එය එතරම්ම අපහසු නිසා ය.

මීට පෙර විවිධ විෂය යටතේ ග්‍රන්ථ කිහිපයක් ම ලියා හුරු පුරුදු ලලිත් ප්‍රියංකර මෙම ග්‍රන්ථය සඳහා බොහෝ කාලයක් වෙහෙස මහන්සි වී ඇති බව කෘතිය කියවන අයෙකුට පෙනෙයි. එසේම ක්‍රමික විධිමත් ශාස්ත්‍රීය රටාවකට ගීත පෙළගස්වා තිබීම ද කෘතියෙහි අගය සහ වටිනාකම ඉහළ යාමට හේතු වී තිබේ.

- පූජ්‍ය මහාචාර්ය පාතේගම ඥාණිස්සර හිමි
පශ්චාත් උපාධි අධ්‍යයන කේන්ද්‍රයේ ගරු අධ්‍යක්ෂ
ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය
අනුරාධපුරය

ISBN
9789550822706
පිටු ගණන (Pages)
114
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: පියෙක් පුදන සියක් ගීත

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.